ආණ්ඩුව නරින්ට කුකුල් කොටුව බාර දෙන්න යන්නේ!

 

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ධුරයට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හෝ අමාත්‍ය මහින්ද අමරවීර

පත් කිරීමේ ආණ්ඩු සුදානම නරින්ට කුකුල් කොටු බාරදීම හා සමාන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවස යි.

ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

"හෙට (22) දිනයේ පොදු ව්‍යාපාර කාරක සභාව රැස්වෙනවා. මමත් ඒකෙ සාමාජිකයෙක්. ඒවගේම රාජ්‍ය ගිණුම් කාරක සභාව රැස්වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව, මාධ්‍ය මේ කාරක සභා පත්වීමේදී උදාහරණයක් විදියට පොදු ව්‍යාපාර කාරක සභාවෙ 14ක් ආණ්ඩුවෙන් පත් කරද්දී විපක්ෂයට තියෙන්නෙ 8යි. දැන් මේ බහුතරය අපට තිබුණා 2015දී. හැබැයි ආණ්ඩු පක්ෂය විදියට අපි සභාපති ධුරයට කිසිම නමක් යෝජනා කළේ නෑ. දැන් නරින්ට කුකුළු කොටුව බාරදෙන්නයි හදන්නේ මේ. අපට ආරංචියි මහින්දානන්ද අලුත්ගමගේ හරි මහින්ද අමරවීර හරි තමයිලු පොදු ව්‍යාපාර කාරක සභාවෙ සභාපති ධුරයට පත් කරන්නේ. බොහොම හොඳයි, බොහොම හොඳයි, හොඳට යයි වැඩේ !

ඒ නිසා අපි පැහැදිලිවම විපක්ෂය විදියට නම් යෝජනා කරනවා. අපි රටේ ජනතාවට පෙන්නනවා මේ ආණ්ඩුව මොනවටද මේ සැරසෙන්නෙ කියලා"

Nalin.Bandara

Search