මූලාශ්‍රයක් නොමැතිව ගිණුම්ගතව ඇති රුපියල් බිලියනයකට ආසන්න මුදලක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීය අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවසීය.
ඒ අනුව, මෙම මුදල් මෙසේ ගිණුම්ගත වූයේ කෙසේ දැයි විමර්ශනයේදී සොයා බලන බව ඔහු කීය.
ඊට අදාළව ආයතන මට්ටමින් ගත යුතු විනය පියවර සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමුකර ඇතැයි ද ඔහු පැවැසීය.
සංචාරක සංවර්ධන අරමුදල අධීක්ෂණය කරනු ලබන්නේ, 2005 අංක 38 දරන පනත යටතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීය විසිනි.
තමන් දේපළ ඌන උපයෝජනය සම්බන්ධයෙන් පැවති පාලන සමයන්හිදී ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීය පොදු ව්‍යාපාර කාරක සභාවේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
සංචාරක නිකේතන ඇතුළු අලුත්වැඩියා කිරීම්වලදී සේවා නොලබා රුපියල් ලක්ෂ ගණනින් කළ ගෙවීම් ගැන 2018 වසරේදී අනාවරණය වූ අතර එහිදී අමාත්‍යාංශ විමර්ශන කමිටුවකින් කළ නිර්දේශ අනුව වැරදිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග නොගෙන අවවාද කිරීමක්ද වාර්තා විය.