පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත් භූමියට ඩෝසර් කිරීම සඳහා අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින ප්‍රබල දේශපාලකයාගේ සහෝදරයාගෙන් පොලිසියට කටඋත්තරයක් හෝ ලබාගැනීමට නොහැකිවූයේ
ඇයි ද යන්න ගැටළුවක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පවසයි.
පසුගිය දින කිහිපයේ වාර්තා වූ පරිසර හානි පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ඊයේ දින (21) මධ්‍යම පරිසර අධිකාරිය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එහි සභාපති එස්.අමරසිංහ මේ බව කියා සිටියේ ය.
මාධ්‍යවේදියා: ප්‍රධාන සාමාජිකයන් අත්අඩංගුවට ගත්තද නැත්ද කියන එක පැහැදිලි නැහැ?
ආනවිලුන්දාව රක්ෂිතයට අදාලව අධිකරණයට ඉදිරිපත් කරපු සැකකරුවන් විසින් කරන ලද ප්‍රකාශයට අනුව අත්අඩංගුවට ගැනීම හෝ වාර්තාවක් ගැනීම තවමත් මග ඇරලා තියෙනවා හිටපු සභාපතිවරයා. ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් අපි විමසීමක් සහ ඉල්ලීමක් කළා පුළුවන් තරම් ඉක්මනට ඒ උපදෙස් දුන්නැයි කියන සභාපතිවරයාගෙනුත් වාර්තාවක් අරගෙන රජයටත්, දෙපාර්තමේන්තුවටත්, ආරක්ෂක අමාත්‍යංශයටත් දැනුම් දෙන්න කියලා. අනිත් අය තාම අත්අඩංගුවට අරගෙන නැහැ. හැබැයි අපේ පැත්තෙන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වාර්තාව අධිකරණයට යැවීම සඳහා මැදිහත් විය යුත්තේ, අධිකරණයට යා යුත්තේ වනජීවී දෙපාර්තමේන්තුව. අදාළ සියලු තොරතුරු ඒ දෙපාර්තමේන්තුවට (වනජීවී) අපි ලබාදීලා තියෙනවා. අධිකරණ කටයුතු දැනට ක්‍රියාත්මක වෙනවා.
මාධ්‍යවේදියා: ප්‍රධාන අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක් ඕක පිටිපස්සේ ඉන්නවා කියන කතාව සත්‍යක්ද?
ඒක සත්‍යක්ද නැත්ද කියලා අපි දන්නේ නැහැ. ඇමතිවරයගේ සහෝදරයෙක් ද නැත්ද, ඇමතිවරයා මේකට සම්බන්ධ ද නැත්ද, කියලා ප්‍රකාශ කරන එක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට අදාළව පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම. ඇමතිවරයා පෞද්ගලිකව කියලා තියෙනවා මම සම්බන්ධ නැහැ කියලා.නමුත් ඒකට සෑහීමකට පත්වෙන එකක් නැහැ මේ රටේ ජනතාව. ඉන්න තැන දැක්කොත් අපිට කියන්න පුළුවන්. හැබැයි අත්අඩංගුවට ගන්න, කට උත්තර ගන්න අපිට බලයක් නැහැ. ආනවිලුන්වදාවට විතරක් ප්‍රශ්නයක් තියෙනවා. තවමත් පොලිසියෙන් මේ කියන පුද්ගලයාගෙන් වාර්තාවක්, කටඋත්තරයක් ගන්න බැරිවුනේ ඇයි කියන එක ප්‍රශ්නයක්. ජනතාව ප්‍රශ්න කරන එකක්.
පොලිසියේ වගකීම ඒක. පොලිසියේ වැරද්දක් ඒක පොලිසියට පුළුවන් වෙන්න ඕන අත්අඩංගුවට ගන්න.