මංතීරු නීතිය නිසා සඳුදා බස් වැඩ නෑ!
බස්රථ සේවකයන් සහ බස්රථ හිමියන් දැඩි දුෂ්කරතාවයට පත් කරන මංතීරු නීති ක්‍රමය සම්බන්ධයෙන් අද දිනයේදී පොලිසිය සමග සාකච්ඡා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටියේ එහිදී අවසන් එකගතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් තම සංගමයට අයත් ඇතැම් සාමාජිකයන්ගේ බස්රථ ලබන සඳුදා සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න