විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 18 දා කැඳවීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ සඳහන් කළේය.
දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත්වූ ජනතාවට සහන සැලසීම සහ හානියට පත්වූ වෙනත් දේ පිළිසකර කිරීම සඳහා මුදල් වෙන්කර ගැනීමට මෙලෙස පාර්ලිමේන්තුවට කැඳවනු ලැබේ.
ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කරගැනීමට ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනු ඇති අතර ඒ පිළිබඳව විවාදයක් පවත්වා එය සම්මත කෙරෙනු ඇත.
අයවැය සම්මත කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ලබන වසරේ (2026) ජනවාරි 06 දක්වා කල් තබා තිබේ. එහෙත් අගමැතිනිය විසින් කරනු ුලබන ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තුව නැවත මෙසේ කැඳවේ