ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණය අපට කළ බරපතල අවමානයක් - රුසියාවෙන් දැනුම්දීමක්!

 

රුසියාවේ ප්‍රධාන පෙළේ සරසවි තුනක වෛද්‍ය උපාධි සඳහා වන පිළිගැනීම අවලංගු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය

තමන්ට කළ බරපතල අගෞරවයක් හා අපහාසයක් ලෙස තම රජය විසින් සලකනු ලබන බවට රුසියාව විසින් රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

2020 ජූනි 26 වනදා පැවති වෛද්‍ය සභා රැස්වීමේ තීරණයක් අනුව බව පවසමින් මෙතෙක් අනුමැතිය දුන් විදෙස් විශ්ව විද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කර ඇත්තේ රුසියාවේ ජනතා මිත්‍රත්ව සරසවිය (Peoples' Friendship University of Russia), පිරගොෆ් පර්යේෂණ වෛද්‍ය සරසවිය  (Pirogov Russian National Research Medical University) සහ ත්වේර් රාජ්‍ය වෛද්‍යවිද්‍යා සරසවිය ( Tver State Medical University) යි.

මෙයින් මහජන මිත්‍රත්ව සරසවිය සෝවියට් සමයේ ලුමුම්බා සරසවිය ලෙසින් හඳුන්වන ලද අතර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 392 වන ස්ථානයේ වේ. පිරොගොෆ් වෛද්‍ය සරසවිය ද වසර 115 ක් පමණ පැරණි එකකි.

රුසියාව විසින් වසරකට ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව හතලිහක් ප්‍රදානය කරනු ලබන අතර එම සංඛ්‍යාව තවත් වැඩි කිරීමට සැලසුම් සකස් කර ඇති බවද මින් පෙර වාර්තා විය.

මීට අමතරව වර්තමානය වනවිට රුසියාවේ වෛද්‍ය විද්‍යාව හදාරන සම්පූර්ණ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දහස ඉක්මවයි.

University of Russia

කෙසේ වෙතත්, පැරණි සෝවියට් සංගමයට අයත් වූ ඇතැම් කුඩා රටවල වෛද්‍ය විද්‍යාල මෙන්ම ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව ඉතා පහළින් ඇති සරසවි ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත ලේඛනයේ වෙද්දී රුසියාවේ සරසවි මෙසේ ඉලක්ක කිරීම සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් බලවත් සේ කනස්සල්ලට පත්ව ඇතැයි වාර්තාවේ.

1960 සිට දිගටම නොනවත්වා ලංකාවට ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත්තේ රුසියාව පමණි.  එයින් ලුමුම්බා විශ්වවිද්‍යාලය වැඩිම ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබා දී ඇත.

මෙරට සිසුන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානු විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත ලේඛනයෙන් ඉවත් කිරීම හේතුවෙන් මෙරට උසස් පෙළ විභාගවලින් ඉහලම සුදුසුකම් ලබාසිටින සිසු සිසුවියන් 40කට මේ වසරේ රුසියානු ශිෂ්‍යත්ව අහිමිවීමේ තත්වයක් මතුව තිබේ.

 

Dr mahinda

2010 දී ලුමුම්බා 50 සැමරුමේදී ආසියාවෙන්ම ආචාර්ය උපාධියක් පිරිනැමුණේ ජනාධිපති මහින්දට පමණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ, කොවිඩ් 19 රෝගයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත එන්නත මෙරටට ලබාගැනීම සඳහා දෙරටේ බලධාරීන් සාකච්ජා පවත්වමින් සිටින අතරතුරවිම විශේෂිත සිද්ධියකි.

ASLGSC ආයතනයෙන් ජනපතිට ආයාචනයක් !

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දුව හේතුවෙන් දෙරට අතර මතුව ඇති අර්බුදය සමතයකය පත්කිරීමට මැදිහත්වන්නැයි 'සමාජවාදී රටවල උපාධිලත් ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය' ( The Association of Sri Lankan Graduates from Socialist Countries (ASLGSC) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

පරිසර අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ ගේ සභාපතිත්වයෙන් යුත් එම සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මෙන්ඩිස් ගේ අත්සනින් යුතු යොමුකර ඇති එම ලිපිය යොමුකර ඇත.

 

Letter Russian Uni

රුසියාවෙන් ශ්‍රී ලංකා රජයට ලබාදී ඇති ආධාර කිහිපයක් මෙසේය.

1- ඔරුවල වානේ කම්හල (මේවනවිට පෞද්ගලික අංශයට විකුණා ඇත) 2- කැලණි ටයර් කම්හල (මේවනවිට පෞද්ගලික අංශයට විකුණා ඇත) 3- සමනල වැව ව්‍යාපෘතිය 4- මහවැලි project plan එක ඇන්දේ රුසියානුවෙකි. 5- 1971 අප්‍රෙල් කැරැල්ල මර්ධනයට ලංකාවේ රජයට මිග් යානා ලබාදුන්නේ රුසියාවයි 6- ඛනිජතෙල් ජනසතු කල ප්‍රශ්නය වෙලේ රුසියානු ඔයිල් ලබා දීම 7- එක්සත් ජාතින්ගේ ආරක්ෂක මන්ඩලයේ දී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තෙවරක් ම නිශේධ බලය  භාවිතා කලේ රුසියාවයි.

TheLeader.lk

 

Search