මේ ව්‍යසනකාරී තත්ත්වයේදී කටයුතු කරන්න ඕනේ කෙසේද යන්න සජිත් ආණ්ඩුවට පහදා දෙයි

මේ ව්‍යසනකාරී තත්ත්වයේදී කටයුතු කරන්න ඕනේ කෙසේද යන්න සජිත් ආණ්ඩුවට පහදා දෙයි

රට තුළ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

රට මහා ව්‍යසනයකට මුහුණ පා ඇති මේඅවස්ථාවේදී සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බවත් විපතට පත් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොපමාව රජය වෙන් කළ යුතු බවත් ඒ මහතා පවසයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.

රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විශාල පිරිසක් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. එසේම පුද්ගල මරණ, අවතැන් වීම්,නිවාස සහ දේශපළ හානි,රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා.

ගංවතුරට කොටු වු පිරිස් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට වැඩපිළිවෙළක් රජය විසින් වහාම සකස් කළ යුතුයි.එම වැඩපිළිවෙළට සියලුම දෙනා එකතු විය යුතුයි.ජනතාව මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න අපි සූදානම් බව කියන්න කැමතියි.

එමෙන්ම සෞඛ්‍ය අංශවලට, ආපදා කළමනාකරණ අංශවලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හැකි ඉක්මනින් ප්‍රතිපාදන ලබාදීම සිදුකළ යුතුයි. ගංවතුරට කොටු වී ඇති ජනතාව බේරා ගැනීමට අවශ්‍ය බෝට්ටු පහසුකම් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු යි. නාය යෑමෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කළ යුතුයි.

මේ වන විට රට පුරා විදුලිය බිද වැටිම්. පස් කදු කඩාවැටීම්.නාය යෑම්.ජල ගැලීම්.වැනි විවිධ ආපදාවන් ඇති වී තිබෙනවා. මෙම තත්ත්වයන් යළි පිළිසකර කිරීමට අවශ්‍ය ප්‍රතිපාද, යන්ත්‍ර සූත්‍ර, ලබාදීමට කටයුතු කළ යුතුයි.

ත්‍රිවිද හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය ඇතුළු සියලු දෙනා තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවගේ ජන ජීවිත සුරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා විපක්ෂයෙන් සිදුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමට අප කැපවී සිටිනවා.

එමෙන්ම අදාල ආයතනවලට මුදල්‍ ප්‍රතිපාදන ලබාදීමේදී වැඩි මුදල් ප්‍රමාණයක් ලබාදීමට හැකියාව තිබෙනවානම් වැඩකටයුතු සාර්ථකව සිදුකිරීමට හැකි වනු ඇතිබව අපේ විශ්වාසයයි. හැකි ඉක්මනින් එම මුදල් ප්‍රතිපාදන ලබාදිය යුතුයි. ව්‍යවසන තත්ත්වයන්ට ලක්වුණ පිරිස්වෙත සහන ලබාදීමට අමතර මුදලක් රජයට වැය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා රජය පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවානම් ඒ සඳහා සහාය ලබාදීමටවිපක්ෂ සූදානමින් සිටිනවා.

මෙම වැඩ කටයුතුසඳහා මුදල් වෙන් කිරීමේ දී එය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට කඩිනමින් යැවීම ඉතාමත් වැදගත් බව සිහිපත් කළ යුතුයි

Search