මෙතරම් දැවැන්ත විනාශයක් සිදුව ඇති මොහොතක තවමත් රජයෙන් ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කර නොමැති වීම කණගාටුවට කරුණක් බවත් කාලගුණ දෙපාර්තමේන්තුව කියන ආකාරයට ගිණිකොන දිසාවේ කි.මී. 170කට එහා ගැඹුරු පීඩන අවපාතයක් නිර්මාණය වී එය සුළි සුළඟක් දක්වා පත්ව ඇති මොහොතක රජය තවමත් ව්‍යසනයක් ලෙස ප්‍රකාශයට පත්කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (27 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාට කිව්වත් තවමත් එය ඉටුකර නොමැති බවත් අවම වශයෙන් රජය මේ ගැන ඇති අණ පනත් ගැනවත් නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම අයහපත් කාලගුණ තත්ත්වය නිසා විශාල ව්‍යසනයක් සිදුවී ජීවිත අහිමි වූ උන්හිටිතැන් අහිමි වූ හානියකට ලක් වූ අපේම රටේ ජනතාවට කණගාටුව මෙන්ම ශෝකය පුදකර සිටින බවත්, මේ ආපදාව තුළ විපතට පත් ජනතාවට උදව් උපකාර කරන්නට කටයුතු කරන රජයේ නිලධාරීන් සියලු දෙනාටත් ආරක්ෂක අංශවලටත් සිය ස්තූතිය පුදකර සිටින බවත් මේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා අසහනයට, පීඩනයට හා හානියට පත් ජනතාවට අවශ්‍ය සහන ලබා දී ඔවුන්ට යම් සැනසීමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය