රට වටා ගංගා රැසක් මහා ගංවතුර මට්ටමේ.. ඉවත් වන්නැයි රතු නිවේදන නිකුත් කෙරේ...

රට වටා ගංගා රැසක් මහා ගංවතුර මට්ටමේ.. ඉවත් වන්නැයි රතු නිවේදන නිකුත් කෙරේ...


ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා නිම්න කිහිපයක මේ වන විට මහා ගංවතුර (Major Flood) තත්ත්වයක් ඇති වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද වාර්තාවෙන් පවසයි. 

කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ, මාදුරු ඔය, සහ මහවැලි ගඟ අවට ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීහු දැනුම් දෙති.

මහා ගංවතුර තත්ත්වය වාර්තා වන ස්ථාන:

කැලණි ගඟ

කිතුල්ගල : ජල මට්ටම (6.00m) ප්‍රධාන ගංවතුර මට්ටම (5.00m) ඉක්මවා ඇත. (පැය 12 තුළ 121.0mm)

මාදුරු ඔය

පදියතලාව : ජල මට්ටම (6.50m) ප්‍රධාන ගංවතුර මට්ටම (6.00m) ඉක්මවා ඇත.
මහවැලි ගඟ :

මහවැලි ගඟ/වෙරගම්බොඩ : ජල මට්ටම (9.56m) ප්‍රධාන ගංවතුර මට්ටම (8.00m) ඉක්මවා ඇත.

මහවැලි ගඟ/පෙරැදෙණිය : ජල මට්ටම (11.25m) ප්‍රධාන ගංවතුර මට්ටම (9.00m) ඉක්මවා ඇත.

මහවැලි ගඟ/සියඹලාගහ : ජල මට්ටම (5.63m) ප්‍රධාන ගංවතුර මට්ටම (5.00m) ඉක්මවා ඇත.

මල්වතු ඔය :

තිබ්බටුවාව : ජල මට්ටම (7.18m) ප්‍රධාන ගංවතුර මට්ටම (6.80m) ඉක්මවා ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම (Alert Level)

කැලණි ගඟ: නාගලගම් වීදිය, හංවැල්ල, හා මල්වාන යන ස්ථානවල ජල මට්ටම ඉහළ යමින් පවතී.


කළු ගඟ: පානදුගම සහ බඩල්ගම යන ස්ථානවල ජල මට්ටම ඉහළ යමින් (Rising) අනතුරු ඇඟවීමේ මට්ටමේ පවතී.
නිල්වලා ගඟ: පූජාපිටිය හා අකුරැස්ස යන ස්ථානවල අනතුරු ඇඟවීමේ මට්ටම වාර්තා වේ.


ගංගා මට්ටම ඉහළ යමින් පවතින බව ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇති අතර, එය ඉදිරි පැය කිහිපය තුළ තත්ත්වය තවදුරටත් නරක අතට හැරවිය හැක.

අදාළ ගංගා නිම්නවල පහත් බිම්වල වෙසෙන ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසත් ඉල්ලා සිටී.

Search