ඉහත එම පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිරීක්ෂණයට යාමේ ඉහත පහසුකම් වලට අමතරව, මෙම නිරික්ෂණය සඳහා යන වෛද්‍ය සභාවේ සාමාජිකයින් හට ලිංගික අල්ලස්, නයිට් කලබ් වලට රැගෙන යාම් හා මුදලින් ලැබෙන අල්ලස් ලැබෙන බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව මගින් වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානුවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල කිහිපයක් අනුමත ලේඛනයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගෙන ඇති තීරණය පිටුපස අල්ලස් නොලැබීම නිසා ගත් තීරණයක් බවට රාවයක් යමින් තිබේ.
වෛද්‍ය උපාධිය ලබාගැනීම සඳහා සුදුසු විශ්වවිද්‍යල තෝරා ගනු ලබන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් එම රටවලට ගොස් එම වෛද්‍ය විද්‍යාල ගැන සොයා බලා ගනු ලබන තීරණයෙන් පසුවය.
එසේ තෝරා ගැනීමේදී පුද්ගලික වෛද්‍ය විද්‍යාල හා එම රටවල රජය මගින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය විද්‍යාල යන කොටස් දෙකකට අයත් වන බැවිනි.
විශේෂයෙන්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිරික්ෂණ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ට පළමු පන්තියේ ගුවන් ප්‍රවේශපත්, නැවැතීම සඳහා තරු පහේ හෝටල් ලබාදිමට කටයුතු කරන අතර, රාජ්‍ය විශ්වවිද්‍යාල නිරීක්ෂනය සඳහා යෑමේදී මෙම පහසුකම් නොමැති බව සඳහන්ය.
ඉහත එම පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිරීක්ෂණයට යාමේ ඉහත පහසුකම් වලට අමතරව, මෙම නිරික්ෂණය සඳහා යන වෛද්‍ය සභාවේ සාමාජිකයින් හට ලිංගික අල්ලස්, නයිට් කලබ් වලට රැගෙන යාම් හා මුදලින් ලැබෙන අල්ලස් ලැබෙන බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ප්‍රකාශ හා නිවේදනයන් අනුව සෞඛ්‍ය අංශයේ සිදුවන සෑම අකටයුත්තකමට වැරදිකරු රාජිත සේනාරත්නය.
නමුත් එම සංගමය මෙම “රාජිත භීතිකාවේන්“ මිදී මෙම තත්ත්වය වෙනස් කරගැනීමට කටයුතු කළ යුතු වන අතර, එය දැනට සිටින සෞඛ්‍ය අමාත්‍යවරියටද ඉදිරියේදී එම චෝදනා ඉදිරිපත් කිරීමටද හැකිය.
වෛද්‍යවරුන්ගේ සංගමයට මෙම තත්ත්වයට වෙනස් කර තමන්ගේ වෘත්තියට ගැලපෙන සංවාදයකට හා සොයා බැලීමකට යාම උචිතය.
ලංකාවේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ආරම්භ කළ පසු එයට මේ සියලු වෛද්‍ය සභාව ඇතුළු සියලු සංගම් විරෝධය දැක්වූ අතර (එය යහපාලන සමයේ සිදුවූවකි) එය ආරම්භ කිරීමට යන අවස්ථාවේ ඒ සඳහා නොදැක්කා වගේ සිටීම පුදුම සහගතය.
කෙසේ වෙතත් රජය විසින් පහත සඳහන් කරුණු සොයා බලා කටයුතු කිරීම වැදගත්ය.
-
ලෝකයේ රටවල් කීයක වෛද්‍ය විද්‍යාල නිරීක්ෂණයන් සඳහා ගොස් සිටීද ?
-
එම නිරීක්ෂණයන්ට රජයේ වියදමින් ගොස් සිටී ද? එම වියදම කොපමණ ද?
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කොපමණ ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇත්ද ?
-
රජයේ වෛද්‍ය විද්‍යාල කොපමණ ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇත්ද ?
-
රජයේ හා පෞද්ගලක අංශයේ වෛද්‍ය විද්‍යාල මොනවාද ?
-
මෙම සංචාර සඳහා වෛද්‍ය සභාවේ සහභාගී වූ විශේෂඥයින් කවුද ?
-
මෙම සංචාර සඳහා එම රටේ මුදල් ලබානොදෙන්නේ මෙම වියදම් පියවන්නේ කා විසින් ද ?
මේ පිළිබඳව සොයා බැලීම රජය සතු වන අතර, ඒ සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අනුකූලතාවය ලබාදීම හා කටයුතු කිරීම ඉතා වැදගත්ය.
(සුජීව සෙනරත්)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.