බිලියන 1000 ක පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා ලබන 18 මැතිසබය කැඳවයි

බිලියන 1000 ක පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා ලබන 18 මැතිසබය කැඳවයි

ලබන බ්‍රහස්පතින්දා (18දා) පාර්ලිමේන්තුව රැස්ව ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 1000 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

දිට්වා සුළිකුණාටුවට අදාළ සහන කටයුතු සඳහා අවශ්‍ය හදිසි අරමුදල් සඳහා අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ ඉල්ලීම පරිදි කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුව කැඳවා ඇත.

පරිපූරක ඇස්තමේන්තුව දෙසැම්බර් 18 වන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විවාද කර 19 වැනිදා ඡන්ද විමසීමකට ලක් කෙරෙන අතර ඉන් පසුව සභාව 2026 ජනවාරි 6 වැනිදා දක්වා කල් තැබීමට නියමිතය

Search