"මේ ගෙට හොරු උඹයි මමයි"- 20 හැදුවේ කවුද ජී.එල්. කියයි!

"මේ ගෙට හොරු උඹයි මමයි"- 20 හැදුවේ කවුද ජී.එල්. කියයි!

 

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත, "ආණ්ඩුව" විසින් සාමූහිකව සැකසූවක් බව අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර සිටියි.

බොහෝ පාර්ශවවල දෝෂ දර්ශනයට ලක්වී ඇති මෙවැනි කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුට ද දෝෂාරෝපණ එල්ල වෙමින් ඇති විට දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම වගකීම තනි පුද්ගලයකු පිට පැටවීම නොසුදුසු බව යි.

"ව්‍යවස්ථාවක් හදන්නේ ආණ්ඩුවක් නේ .. සාමුහිකව. ඉතින් ඒක අහවල් පුද්ගලයා හැදුවා කියලා නමක් සඳහන් කිරීම මම හිතන්නේ සුදුසු නැහැ. මේ රටේ ව්‍යවස්ථාවක් මම හිතන්නේ නැහැ තනි පුද්ගලයෙක් හැදුවා කියලා. ඒක සාමුහික ප්‍රයත්නයක්. කිසිම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තනි පුද්ගලයෙක් හැදුවේ නැහැ. තනි පුද්ගලයකුට කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. තනි පුද්ගලයකු කළ යුතු වැඩකුත් නෙවෙයි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කවුද හැදුවේ. එක පුද්ගලයෙක් හැදුවද ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තනිව හැදුවද? එහෙම නෙවෙයි."

Search