ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර සලකුණු කරමින් ඔහුට එරෙහි කාන්තාවන් අද (21) ඇමරිකාව පුරා විරෝධතා පා ගමන්වල නිරත වනවා.
ජනපති ට්‍රම්ප්, උපන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට අනෙකුත් ප්‍රාන්තවල ද ප්‍රධාන නගර සියල්ලමක පාහේ මෙවැනි විරෝධතා පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරන කණ්ඩායම් මෙන්ම කාන්තා හිංසනයට එරෙහි පිරිස් ද ඊට සමගාමීව ලොව පුරා පැවැත්වෙන විරෝධතාවන්ට එක්ව සිටියා.
අතුරු අයවැය පරාජයවෙයි
අතුරු අයවැය සම්මත කරගැනීමට නොහැකිවීම නිසා ඇමරිකානු රජය අක්‍රියවද්දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිය පදවි ප්‍රාප්තියේ පළමු වසර සමරනු ලැබුවා.
කොංග්‍රස් සභාව මගින් සම්මත කළද සෙනෙට් මණ්ඩලයේදී අතුරු අයවැය සම්මත කරගැනීමට නොහැකිවූයේ ඩිමොක්‍රටික් පක්ෂය ඊට එරෙහිවීම හේතුවෙන්.
ඒ නිසා ට්විටර් පණිවුඩ මගින් සිය අදහස් පළ කිරීම පිළිබඳ ප්‍රකට ජනපති ට්‍රම්ප් සිය සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තමාට කදිම තෑග්ගක් ලබාදී ඇති බවයි.
රජය අක්‍රියවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු රාජ්‍ය සේවකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට වැටුප් රහිත නිවාඩු හිමිවන අතර, අයවැය පිළිබඳ එකඟත්වයකට පැමිණෙන තුරු ක්‍රියාකාරී සේවයේ නිරත ඇමරිකානු සෙබළුන්ටද වැටුප් හිමිවන්නේ නැහැ.