පාප්වහන්සේගෙන් අනතුරු ඇඟවීමක්

ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (15) අනතුරු ඇඟ වූහ. 

චිලී සහ පේරු රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් අමතමින් පාප්වහන්සේ මෙලෙස අනතුරු ඇඟවූහ. 

“මට බියක් තිබෙනවා. අද වනවිට න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා” යැයි පාප්වහන්සේ කීහ. උන්වහන්සේ මෙලෙස අනතුරු ඇඟවූයේ හවායි දූපත් හි වැරැදීමකින් මිසයිල අනතුරු ඇඟවීමක් සිදුව දිනක් ගතවෙද්දීය. 

“න්‍යෂ්ටික යුද්ධයකට යෑමේ වැඩි අවදානමක් තිබෙනවා. ඇතැම් විට එක් පියවරක් ප්‍රමාණවත්. එක් අත් වැරැද්දක්, එක් වචනයක්, එක් සිදුවීමක් න්‍යෂ්ටික යුද්ධයකට ප්‍රමාණවත්. අප එතරම් දුර ඇවිත්. අප හමුවේ එවැනි අවදානමක් තිබෙනවා” යැයි පාප්වහන්සේ කීහ.

කෙසේ නමුත් පාප්වහන්සේ හවායි හෝ උතුරු කොරියාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත. 

රොයිටර් 
005

Search