වර්ෂ 1996 දී ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණයට ලක්කළ තාක්ෂණයම යොදාගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණය කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.
එකිනෙකාට සෑම අතින්ම සර්වසම ලක්ෂණ පෙන්වන සොන් සොන් හා හුවා හුවා යන නම් වලින් හඳුන්වන මෙම සතුන් දෙදෙනා මීට සති කිහිපයකට පෙර චීනයේ විද්‍යාගාරයක උපත ලැබූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
මිනිසුන්ට වැළඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ජානමය අතින් සර්වසම මෙවැනි වානර ගහනයන් යොදාගත හැකිබව විද්‍යාඥයෝ පවසති. ජානමය පදනමක් සහිත පිලිකා, පරිවෘත්තීය රෝග සහ ප්‍රතිශක්තිය ආශ්‍රිත රෝග සම්බන්දයෙන් මෙලෙස ක්ලොනකරණයට ලක්කළ වඳුරන් යොදාගෙන අධ්‍යයන කළහැකි බව ඔවුහු පෙන්වා දෙති.
එහෙත් විචාරකයින් පවසන්නේ මෙහි අවසාන ප්‍රතිඵලය විවාදයට තුඩුදී ඇති ‘මනුෂ්‍ය ක්ලෝනකරණය‘ වියහැකි බවයි.
කෙසේ වුවද චින විද්‍යාඥයින් පවසන්නේ ඉදිරි මාස කිහිපය තුළ මෙසේ ක්ලෝනකරණය කළ තවත් වඳුරන් බිහිකිරීමට සූදානම් කර ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)