අන්දෝලනත්මක පැනමා ලිපිගොණු හෙළිකළ මාධ්‍යවේදිනියට මරණය

මෝල්ටා ආණ්ඩුවේ දූෂණ විවේචනයට ලක් කළ මුල්පෙළේ 'බ්ලොග්' මාධ්‍යවේදිනියක් (blogger) කාර් බෝම්බ ප්‍රහාරයකින් මරා දමනු ලැබ ඇත.
පනස් තුන් හැවිරිදි මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලිෂියා (Daphne Caruana Galizia) මරා දමා ඇත්තේ කාර් බෝම්බ ප්‍රහාරයකින්ය යන්න මෝල්ටා පොලිසිය විසින් තහවුරු කරනු ලැබ ඇත.

මොස්ටා (Mosta) නගරය අසල වාසය කළ මාධ්‍යවේදිනිය සිය නිවසේ සිට ඇයගේ මෝටර් රථයෙන් මඳ දුරක් ගමන් ගනිමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බව වාර්තා වෙයි.

ගෙතුළ සිටි ඇයගේ පුත්‍රයාට පිපිරීම ඇසී ඇති බව මෝල්ටා වාර්තා මගින් පැවසෙයි.

මෝල්ටා අගමැති ජෝසෆ් මස්කට්(Joseph Muscat ) විසින් අනුගමනය කරනු ලබන වැඩ පිළිවෙළ මරා දැමුණ මාධ්‍යවේදිනියගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත.

Malta car bomb 652746
එහෙත් ඇයගේ මරණය සැල වූ අගමැතිවරයා විසින් එය හෙළා දකිනු ලැබුණි.

" මම කිසිදු කොන්දේසියකින් තොරව මේ ම්ලේච්ඡ ඝාතනය හෙළා දකිනවා. මෙය අපේ රටේ නිදහස් අදහස් ප්‍රකාශනය සඳහා ඇති අයිතියට එල්ල කෙරුණ ප්‍රහාරයක්" රූපවාහිනිය මගින් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේය.

"කවුරුත් දන්නවා - ඩැෆ්නි ගලිෂියා මාධ්‍යවේදිනිය මට එරෙහිව ඉතාම රළු විවේචන එල්ල කළ බව. ඇය සෙසු පුද්ගලයන්ට වගේම, මටත් දේශපාලනමය සහ පෞද්ගලික වශයෙන් විවේචන එල්ල කළා" අගමැති ජෝසෆ් මස්කට්(Joseph Muscat ) ප්‍රකාශ කළේය.

"ඒත් මේ වගේ ක්‍රියාවක් කිසිදු ආකාරයකින් යුක්ති සහගත කරන්න බැහැ" අගමැතිවරයා අවධාරණය කරයි.

"මේ අපරාධය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා තෙක් මට ඉවසුමක් නැහැ" ජෝසෆ් මස්කට්(Joseph Muscat ) වැඩි දුරටත් කියා සිටියි.
මාධ්‍යවේදිනිය විසින් මෝල්ටා අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ විවේචනයට ලක් කරන ලද්දේ පැනමා ලිපිගොණු අපචාරයට හවුල් වී ඇති බවට චෝදනා කරමිනි .

Joseph Muscat
එහෙත් අසර්බයිජානයේ පාලක පවුලෙන් ලද මුදල් වෙනත් රටවල රහස්‍ය මූල්‍ය ගිණුම්වල සැඟවූ බවට එල්ල කෙරෙන චෝදනා අගමැතිවරයා ප්‍රතික්ෂේප කරයි.

අගමැති පවුල පමණක් නොව විපක්ෂයේ දේශපාලකයන් ද ඇයගේ තියුණු විවේචනයට ලක් විය.
ඩැෆ්නි ගලිෂියා මාධ්‍යවේදිනිය තමාට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතින බව පවසමින් මෙයින් සති දෙකකට පෙර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව මෝල්ටා රූපවාහිනිය වාර්තා කරයි.

එහෙත් එම තර්ජන පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කොට නැත.

මරණ පරීක්ෂණය පෙරට ගිය අවස්ථාව


මෙය ඝාතනයක් යයි තහවුරු කරන පොලිසිය ඒ සම්බන්ධයෙන් මිනී මැරුම් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත.
පිපිරීමත් සමඟ ඒ අවට මෝටර් රථයේ කැබලි විසිර ඇති ආකාරය දැක්වෙන පින්තූර මෝල්ටා පුවත්පත් මගින් පළ කරන ලද වාර්තා වලට ඇතුළත් වෙයි.

බීබීසී සංදේශය

Search