ජපාන මහ මැතිවරණයෙන් එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පැහැදිළි ජයග්‍රහණයක් හිමිකරගෙන තිබෙනවා.
එරට පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් ආසන 312 ක බහුතරයක් දිනාගැනීමට එම පක්ෂය සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මැතිවරණ ව්‍යාපාරය තුළ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ උතුරු කොරියාවට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කළ අතර, ජපාන ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකරන බවටද කියා සිටියා.
නියමිත කාලයකට වඩා වසරකට පෙර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කරන බව ෂින්සෝ අබේ කියා සිටියේ පසුගිය සැප්තැම්බර් මාසයේදියි.
ඊයේ පැවති මැතිවරණයෙන් ලබාගත් මෙම ජයග්‍රහණයත් සමග ෂින්සෝ අබේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයේ දීර්ඝතම කාලයක් පාලන බලය හෙබවූ අග්‍රාමාත්‍යවරයා බවට පත්වනවා.