බාල ගල් අගුරු පාඩුව පියවාගන්න රජය 18%කින් විදුලි බිල වැඩි කළා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බාල ගල් අගුරු පාඩුව පියවාගන්න රජය 18%කින් විදුලි බිල වැඩි කළා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම පොදුජනතාවගේ අදහස් විමසන විට ඒ සඳහා සමගි ජන බලවේගය ද ඉදිරිපත් වී බාල ගල් අගුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරි‌‌භෝගිකයන් කරපිට පටවන්න එපා යැයි යෝජනා ඉදිරිපත් කළත් එම විරෝධතා නොතකා මහජන උපයෝගීතා කොමිසම සහ රජය විසින් 18%කින් විදුලි වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කර ඇති  බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

*මේ විදුලි බිල වැඩි කිරීම කියන්නේ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන්ගෙන් කප්පම් ගැනීමක්*

මේ විදුලි බිල වැඩි කිරීම සිදු වන්නේ ඒකක 180ට වැඩිපුර භාවිත කරන පාරිභෝගිකයන් එනම් ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් මේ විදුලි බිල වැඩි කිරිමට ලක්ව ඇති බවත් මේ 18% මිල වැඩි කිරීම රජය ගත් කප්පමක් ලෙස හැඳින්විය හැකි බවත් 18%කින් රජය විදුලි බිල වැඩි කර ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා බවත් එයට හේතුව බාල ගල් අගුරු ව්‍යාපෘතියේ අලාභය මඟහරවා ගැනීම සඳහා බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

*බාල ගල් අගුරු වංචාවේ වන්දිය ගෙවන්න සිදු වුණේ ජනතාවට*

බාල ගල් අගුරු ගෙන එන බවට විපක්ෂය කියන විට‌ එම ගල් අගුරු බාල නොවන බවට රජය පවසා පසුව ගල් අගුරු බාල නමුත් වංචාවක් සිදුව නැති බව පැවසූ බවත් මෙහි දි බාල ගල් අගුරු ගෙන එම නිසා අඩු විදුලිය නිෂ්පාදනය කිරීම නිසා ඉන්ධන බාලාගර වෙත යොමුවීමට සිදුවීමත් ඒ  නිසා පිරිවැය වැඩි වීමත් සිදුවු බවත් අවසාන වශයෙන් මේ පිරිවැය වැඩි වීමත් බාල ගල් අගුරු වංචාවේ වන්දිය ගෙවන්න සිදුව ඇත්තේ ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්ට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*2/3ක රජයක් පත් කර ගත්තේ මේ ආකාරයෙන් කටයුතු කිරීමට නොවේ*

අප රටේ ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පවා මේ දූෂිත ගල් අගුරු ජාවාරමේ වන්දිය ගෙවන්න සිදුව ඇති බවත් 2/3ක බලයක් ඇති මේ රජය පත් කර ගත්තේ වංචා සහගත දූෂිත ගල් අගුරු ව්‍යාපෘති ක්‍රියාත්මක කර එහි වන්දි ගෙවීම ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්ට පැවරීමට නොවන බවත් මේ ආකාරයෙන් කප්පම් ගැනීමට සිය විරෝධය පළ කරන බවත් මේ මිල වැඩි කිරීම අසාධාරණ ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසිය.

*මේ පාඩුව පියවා ගත යුත්තේ බාල ගල් අගුරු ගෙන ආ අයගෙන් පමණයි*

ගල් අගුරු වංචාවේ වන්දිය ගෙවිය යුත්තේ ජනතාව නොව බාල ගල් අගුරු සැපයුම්කරුවන් බවත් මීට වගකිවයුතු පාර්ශ්වය බවත් වගකීම සහ වගවීම පැත්තකට දමා රටේ ජනතාවගෙන් දූෂණයෙ පාඩුව මගහරවා ගැනීමට මේ ආකාරයෙන් කප්පම් ගැනීම රටේ හෙළා දකින බවත් මේ වැඩි කළ විදුලි බිල නැවත හරවා ගත යුතු බවත් මේ නිසා රටට එන්නට තිබෙන ආයෝජන පවා රට අතහැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*මේ විදුලි බිල වැඩි කිරීම සෘජු විදේශ ආයෝජනවලට අහිතකර ලෙස බලපානවා*

අප කළ යුත්තේ සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම මිස රටෙන් පිටමං කිරීම නොවන බවත් මෙවැනි විදුලි බිල වැඩි කිරීමක් නිසා ආයෝජකයන් වෙනත් ආයෝජන ගමනාන්ත කරා යොමු වන බවත් මේ රජය මේ සිදු කළ වැඩි කිරීම මෙ ප්‍රතිපත්තිය තරයේ හෙළදකිමින් ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/zRBrLteFYUI?si=L2m6nz8gA8XE5W2d

Search