අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කළ බවට එලවී තිබෙන චෝදනාවනාව මත උන්වහන්සේ නිට්ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ .වුට්ලර් මහතා පවසයි.
දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සහ දුෂණයට ලක්වු දැරියගේ මව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා ඊයේ නිට්ටඹුව පොලිසියට නියෝග කර තිබිණි.
ඒ අනුව නිට්ටඹුව පොලිසිය හේමරතන හිමි වැඩ සිටින අනුරාධපුර විහාරස්ථානයට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලද තොරතුරක් මත මෙලෙස කොළඹදී අත්තඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවේ පසුවන එහෙම රතන හිමියන්ගේ රෝගීත්ත්වය පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව
උන්වහන්සේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය සැලසුම් කර ඇත