විපක්ෂයේ පක්ෂ හතරක් පොහොට්ටුව සමග විශේෂ සාකච්ඡාවක !

විපක්ෂයේ පක්ෂ හතරක් පොහොට්ටුව සමග විශේෂ සාකච්ඡාවක !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිට පසුව කාලයක් පක්ෂය හැර ගොස් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ එක්සත් මහජන පෙරමුණ යන පක්ෂවල නායකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් අද (පෙබ. 18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, එම පක්ෂයේ සභාපති ධුරය දැරූ මහාචාර්ය ජී.එල්.පීරිස්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා සහ එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස් මෙම විශේෂ සාකච්ජාව සහභාගී විය.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මහාචාර්ය ජී.එල්.පීරිස් ගේ මැදිහත්වීම මත මෙම හමුව පැවති බවයි. ඔහු ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවී සාකච්ජා පවත්වා තිබිණ.

අද පැවති හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

මෙම පක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ නොවැම්බර් 21 වන දා නුගේගොඩදී “මහා ජන හඬ” යනුවෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් රැලියක් ද පැවැත්විණි.


Search