හිටපු ජනාධිපති රනිල්ට එරෙහි නඩුවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ - තලතා කියයි

හිටපු ජනාධිපති රනිල්ට එරෙහි නඩුවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ - තලතා කියයි

රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව නඩු පවරා තිබුන ද එම නඩුව ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, නීතිඥ තලතා අතුකෝරල පවසයි.


හිටපු අධිකරණ අමාත්‍යවරියක වන ඇය එබව කියා සිටියේ, කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති 'බී' වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු පදනම් විරහිත බවද ඇය තව දුරටත් කියා සිටියාය.

Search