හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ​ගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් අදාළ වරදට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව,සම​න් ඒකනායක රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

පසුගිය 11 වනදා ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

එම අවස්ථාවේදී ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර දැනුම් දී තිබුණි.

 

Search