යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපහසු බව ජනාධිපතිවරයා පවසා තිබියදී, ආණ්ඩුවේම තවත් පිරිසක් ඊට එරෙහිව උද්ඝෝෂණය කිරීම හාස්‍යයට කරුණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ, මීට පෙර විපක්ෂයට එරෙහිව ආණ්ඩුවක් උද්ඝෝෂණය කළ ලොව එකම රට බවට ලංකාව පත්ව තිබූ බවයි.
එහෙත් දැන් පවතින තත්ත්වය අනුව තමන්ගේම ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුවේම පිරිසක් උද්ඝෝෂණය කරන ලොව එකම රට බවට ලංකාව පත්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙම විරෝධතාවල ස්වරූපය දෙස බැලීමේදී, මේවා ජනාධිපතිවරයාට එරෙහිව අග්‍රාමාත්‍ය පාර්ශ්වය විසින් මෙහෙයවනු ලබන ඒවාදැයි සැකයක් මතුවන බව ද ජයගොඩ මහතා පැවසීය.
ආණ්ඩුව ඇතුළත පවතින මෙවැනි අභ්‍යන්තර ගැටලු විසඳාගත යුත්තේ වීදි බැස උද්ඝෝෂණය කිරීමෙන් නොව, ආණ්ඩුව ඇතුළතින්ම බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.