විදුලි වෘත්තිය සමිති 24 ක් වැඩ වර්ජනයක

විදුලි වෘත්තිය සමිති 24 ක් වැඩ වර්ජනයක

.  

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පොරොන්දු වූ සිය ඉල්ලීම් ඉටු නොකර එම මණ්ඩලය ඈවර කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළහොත් අඛණ්ඩ වර්ජනයක නිරත වීමට විදුලි වෘත්තිය සමිති 24 ඒකාබද්ධ තීරණයක් දින තිබේ.

අදාළ ගැසට් නිවේදනයේ නිකුත් කළ මොහොතේසිට කිසිදු දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනය ආරම්භ කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය, කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුළු විදුලි වෘත්තිය සංගම් පොදු එකඟතාවයකට පැමිණ ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අනුප්‍රාප්තික සමාගම් 6 පිහිටුවීමත්, ඒ සඳහා වත්කම්, වගකීම් හා රාජකාරී කාර්යයන් සහ ක්‍රියාකාරකම් පවරන ආකාරය සඳහන් මූලික පැවරුම් සැලැස්ම නීතිපති, මුදල් අමාත්‍යවරයා හා මහා භාණ්ඩාගාරයේ උපදේශනයන්ට යටත්ව පිළියෙල කිරීම අවසන් කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන දිනය විෂය භාර අමාත්‍යවරයා ගැසට් කිරීමට උත්සාහ කරන බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

Search