2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05දා) දින පස්වරු 06ට පමණ සිදුකිරීමට නියමිතව ඇත.
අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 09ට ආරම්භ වන අතර, දිනට නියමිත විවාදයෙන් අනතුරුව මෙලෙස පස්වරු 06ට ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතය.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය නොවැම්බර් 7 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය