මේ නත්තල විපතට පත් අයට උපකාර කිරීමට යොදා ගන්න – කාදිනල්තුමා ඉල්ලයි

 මේ නත්තල විපතට පත් අයට උපකාර කිරීමට යොදා ගන්න – කාදිනල්තුමා ඉල්ලයි


රට තුළ සිදු වූ මහ ව්‍යසනයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් උපකාර කිරීමට මෙවර නත්තල යොදා ගන්නා ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඉල්ලා සිටී.

මිලියන එකහමාරකට අධික පිරිසක් මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්වූ බැවින් මෙවර නත්තල ප්‍රීතිමත් අත්දැකීමක් කර නොගෙන කිතුනු ප්‍රේමයට දිරිමත්ව සාක්‍ෂි දරා නත්තලේ ප්‍රීතිය, සතුට අධ්‍යාත්මිකව භුක්තිවිඳින ලෙස නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමා ඉල්ලා සිටී.

මෙම ඛේදජනක තත්ත්වය හමුවේ බාහිර ආටෝපයන්ගෙන් යුතුව නත්තල සැමරීම නොකළ යුතු බවත් නත්තල දිළිඳුන් සහ දුක්විඳින අයගේ සිත් පාරන විනෝදාස්වාදයක් කර නොගත යුතු බවත් කාදිනල්තුමා පවසයි.

නත්තල සතුටින් පිරි අත්දැකීමක් කර ගැනීම සාමාන්‍ය දෙයක් වුවත් මෙවර එය ව්‍යසනයෙන් දුකට පත් වූවන්ට පිහිටවීමට යොදා ගැනීම වැදගත් බවත් බෙත්ලෙහෙමේ ගව හලක උපන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස ගැඹුරු අධ්‍යාත්මික ප්‍රීතියෙන් යුත් නත්තල් මංගල්‍යයක් සැමරීමට මෙවර අදිටන් කරගත යුතු බවත් මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ නිවේදනයේ දැක් වේ.

Search