උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නැතිව කල්දමා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් එම විභාග නැවත පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් ඇය කියා සිටියාය.
විදුලිය බිඳවැටීම්, සන්නිවේදන දුර්වලතා ඇතුළු හේතු කිහිපයක් නිසා මෙම තීරණය ගත් බවත් විභාග සම්බන්ධයෙන් 1911 අංකය විමසීමෙන් තොරතුරු ලබාගත හැකි බවත් පැවසූ විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙම අංකයට විභාග පිළිබඳ විමසීම් අතිවිශාල ප්‍රමාණයක් ලැබෙන බවත් කීවාය.