ත්වාගෙන යෑමට සහාය දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ප්‍රකාශ කළේය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව එම සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (17) පෙරවරුවේ පැවැත්වූ අතර එහිදී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.
‘ඔබ ඉල්ලන්නා මම ලබාදෙන්නා බවට පත් නොවී අපි සියලු දෙනා එකතු වී මේ රට ගොඩනඟමු’ යැයි ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ලැබිය යුතු පහසුකම් කප්පාදු කිරීමට රජය බලාපොරොත්තු නොවන බව එහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන බවත් සඳහන් කළේය.
2022දී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
පුරවැසියාගේ යහපැවැත්මට සෞඛ්‍ය ක්ෂේත්රයක මනා පැවැත්ම අතිශය වැදගත් බවත් එය තම රජයේ මුලික අරමුණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පැහැදිලි කළේය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ වැදගත් මානව සම්පතක් වන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ආරක්ෂා කරගැනීම රජයේ වගකීම බව ද, ඒ අනුව ඔවුන්ගේ යෝජනා සහ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත. එම යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස, කම්කරු, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහත්වරුද, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ