ඉවත් කළ බුදු පිළිමය පොලීසියෙන්ම යළි තැන්පත් කරයි

 ඉවත් කළ බුදු පිළිමය පොලීසියෙන්ම යළි තැන්පත් කරයි

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන භූමියේ තැන්පත් කර තිබී ඊයේ රාත්‍රියේ පොලීසිය විසින් ඉවත් කළ බුද්ධ ප්‍රතිමාව අද දිනයේ යළි එම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

එම විහාරස්ථානයේ පවත්වාගෙන ගිය දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත්ව තිබූ අතර එම දහම් පාසල යළි ආරම්භ කිරීම සඳහා ගොඩනැගිල්ලකට මුල් ගල තැබීම ඊයේ සිදු කෙරුණා. අදාළ ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම සිදු කෙරුණේ ඒ අනුවයි.

කෙසේවෙතත් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ඉදිකිරීම නිතිවිරෝධී බවට පොලීසියට පැමිණිලි කර තිබූ අතර, එම බුදු පිළිමය ඊයේ රාත්‍රියේ පොලීසිය විසින් ඉවත් කිරීමට යාමේදී එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇති වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ කෙරුණු අතර, මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී කියා සිටියේ එම ස්ථානයේ තිබූ බුද්ධ ප්‍රතිමාවට හානියක් සිදු කිරීමේ ඉඩක් ඇති බවට ලද තොරතුරකට අනුව එම බුදු පිළිමය එම අවස්ථාවේ බවත් කළ බවයි

Search