පළාත් පාලන ආයතනවලට 20%ක් වැටුප් සදහා සොයා ගන්නා ලෙස රජය කියනා බවත් ලබන වසරේ එය 40%ක් විය හැකි බවට රජය කියන බවත් මෙයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ අහුරා පළාත් පාලන ක්‍රමය අසාර්ථකයි කියා පළාත් පාලන ආයතන හරහා සිදුවන සේවාව මධ්‍යගත ක්‍රමයකට යා යුතුය යන මතය ගෙනවිත් පළාත් පාලන ආයතන සහ ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කිරිමට රජය උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ගාල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන සංසදය සමග පැවැති හමුවකදීය.
සම්බන්ධීකරණ කමිටුවලට පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ පැමිණිම මීට පෙර සීමා නොවුවත් දැන් එයත් සීමා කර ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩ අහුරා ඇති බවත් මින් අදහස් වන්නේ ජවිපේ පක්ෂ කාර්යාලය සහ දේශපාලන පක්ෂය ව්‍යවස්ථාපිත එකාධිපතිවාදයක් ඇති කර තනි පක්ෂයක් රට පාලනය කිරිමට වෙර දැරීමක් බවත් සිවිල් ආරක්ෂක කමිටු, යෞවන සමාජ කරා ගෙනවිත් ඉදිරියට ගොවි සහ ධිවර සමිති මෙන්ම පන්සලේ දායක සභාවට ද බලපෑම් කළ හැකි බවත් මේ සියල්ල පැලවත්ත පක්ෂ කාර්යාලයේ බලපෑම් මත සිදුවන දෙයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන් රජයට බයයි පළාත් සභා ඡන්දය දිනයිද නැද්ද කියලා
රටේ ඇත්තේ හිට්ලර් ක්‍රමය නොව ප්‍රජාතන්ත්‍රවාදය බවත් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මිස ක්‍රමයේ වෙනසක් කියා හිට්ලර් පාලනයක් රටට ගෙන එමට නොවන බවත් වරම ලැබුනේ ක්‍රමයේ වෙනස හරහා ජනතාව ශක්තිමත් කර ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩකඩ දීමට වුවත් දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ අහුරා ඇති බවත් මෙයට ඉඩ දිය නොහැකි බවත් පළාත් සභා මැතිවරණ පැවැත්වීම ගැන නිශ්චිත ප්‍රකාශයක් රජය නොකරන්නේ සමාජයේ අවධානමක් ඇති නිසා බවත් රජය ගැන ජනතා අප්‍රසාදය නිර්මාණය වී ඇති බවත් මේ නිසා ඡන්දය දිනයිද නැද්ද කියා අවිනිශ්චිතතාවක් නිර්මාණය වි ඇති බවත් අද ඇත්තේ ජන මතයට බය නිවට බියගුලු රජයක් නිසා ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දමන්න රජය දරණ උත්සාහය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වතු ජනතාව කුඩා තේ වතු හිමියන් ලෙස බලගැන්විය යුතුයි
පසුගිය දිනක ආන්දෝලනාත්මක කරුණු 2ක් නිර්මාණය වූ බවත් ගාලු දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තය මේ දිස්ත්‍රික්යේ ආර්ථිකයට කුඩා තේ වතු හරහා විශාල දායකත්වයක් ලබා දුන්නත් වත්මන් රජය වතු ප්‍රජාවට ලබා දෙන මුදල් වැඩි කිරීමෙ ක්‍රියාදාමය තුළ ඔවුන්ගේ ජන ජිවිත ශක්තිමත් වෙනවා කියන මතයක් බිහි කළ බවත් වතු ප්‍රජාව ඇතුළු තරුණ ප්‍රජාවට ද වගා නොකළ මුඩු ඉඩම් ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්විය යුතු බවට සමගි ජන බලවේගය යෝජනා කරන බවත් මේ නිසා විරැකියාව නැති වී ඉඩම් නැති වතු ජනතාවට ඉඩම් ලැබි වැවිලිකරුවන් ලෙස සවිබල ගැන්වෙනවා සේම මෙරට තේ නිෂ්පාදනය ද වැඩි වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ජනතාවට සේවය නොකර භාණ්ඩාගාරය පිරෙව්වට වැඩක් නෑ
භාණ්ඩාගාරයේ සල්ලි උතුරනවා කියා රජය කියන ප්‍රකාශය ජනතාව තේරුම් ගත්තේ වෙනත් විදිහට බවත් එය සූර ක්‍රියාවක් නොවන බවත් රජය සිදු කළේ අයි.එම්.එෆ් කොන්දේසිවලට වඩා එහාට ගොස් රටේ ජනතාව කරපිට අසහනය පීඩනය වැඩි කර මුදල් එකතු කළ බවත් අයි.එම්.එෆ් කොන්දේසි අනුව රාජ්‍ය ආදායම 15%ක් විය යුතු වුවත් රජය එය 15.9%ක් දක්වා වර්ධනය කර වැඩිපුර බදු අය කර වියදම් කප්පාදු කර ඇති බවත් මේ නිසා රු. බි. 287ක් වැඩිපුර ලැබි ඇති බවත් මේ මුදල් ජනතාව වෙනුවෙන් කැපකරන්න තිබුණත් රජය එවැන්නක් නොකළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
භාණ්ඩාගාරයේ ඇති අතිරික්ක මුදල් රටේ සංවර්ධනයට යොමු කරන්න
රජය දැන් IMF එක සතුටු කරන්න කටයුතු කරන බවත් IMF කොන්දේසි අබිභවා රාජ්‍ය ආදායම පවා උත්පාදනය කළත් ජනතාවට සහන නැති බවත් බදු වැඩි කර වියදම් අඩු කිරීම නිසා මේවා වී ඇති බවත් සංවර්ධන අරමුදල් කපා, බදු වැඩි කර මුදල් එකතු කර භාණ්ඩාගාරය පුරවා වැඩක් නැති බවත් බදු වරුසාවක් ඇති කර වියදම් කපා බිලියන ගණන් ඉතිරි කිරීම වීර ක්‍රියාවක් නොවන බවත් ප්‍රාථමික ශේෂය ද 2.3ක් විය යුතු වුවත් දැන් එය 3.8ක් ලබා ඇති නිසා මේ මුදල් ද කම්කරුවා මධ්‍යම පාන්තිකයා කාන්තාව ශක්තිමත් කරන්න ආයෝජනය කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය