විපක්ෂයේ පක්ෂ කීපයක් මේ මස 21 දින කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති රැලියට දමිළ ප්‍රගතිශීලී සන්ධානය සහාය නොදැක්වීමට තීරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. පලනි දිගම්බරම් මහතා පැවැසීය.
16 දින හැටන් නගරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් දිගම්බරම් මහතා ඒ බැව් පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මහතා කියා සිටියේ, ඉතිහාසයේ කවර දිනක හෝ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට මහ භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකළ බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවැනි තීරණයකට එළැඹ වතුකම්කරුවන්ගේ වැටුප රු. 1750 දක්වා වැඩි කිරීමට ගත් තීරණයට තමන් ස්තූතිවන්ත වන බවත්ය.
රජයේ වැටුප් වැඩි කිරීමත් සමග වතුකම්කරුවන් වතුකරය නියෝජනය කරන දමිළ දේශපාලනඥයන් ප්‍රතික්‍ෂේප කර ඇති බවට මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කළ ද එය රජයේ ඇතැම් පාර්ශ්වයකගේ සැලසුම්සහගත ක්‍රියාවක් බව පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.
වතුකම්කරුවන් ඕනෑම වේලාවක වෙනස් විය හැකි ජනතාවක් බවත්, මේ රටේ යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා ආපසු ගෙදර යැවීමට කටයුතු කළ රටේ බහුතර ජනතාව, වත්මන් රජයේ වුවත් ඕනෑම වේලාවක බලය නැති කිරීමට එම ජනතාව කටයුතු කළ හැකි බව අවධානයට ගෙන රජය කටයුතු කළ යුතු බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ