බ්‍රිතාන්‍යයයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවන ලද ආරාධනා පත්‍රයේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එරට බලා ගොස් තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු මේ කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරිවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ කනිෂ්ඨ නිලධාරීහු දෙදෙනෙක් ඇතුළත් වෙති. මේ පිරිස දින පහක සංචාරයක් සඳහා පසුගිය සතියේ පිටත්ව ගොස් තිබේ.
බි්‍රතාන්‍ය සංචාරයේදී රුපියල් මිලියන 16.6 ක මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ලකර තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා පසුගිය අගෝස්තු මාසයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර පසුව ඇප මත මුදා හරින ලදී