ලංකාවේ ඖෂධ හිඟය නැති නැති කරන්න උදව් වෙන්න – සජිත් ඉන්දීය රජයෙන් ඉල්ලයි

ලංකාවේ ඖෂධ හිඟය නැති නැති කරන්න උදව් වෙන්න – සජිත් ඉන්දීය රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය නැති කිරීමට සහාය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (නොවැ. 6) ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා සමග පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායක ඉවරයා මෙම ඉල්ලීම කර තිබේ.

මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය පිළිබඳව ද මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු කර තිබෙන අතර එම ඖෂධ හිඟයට විසඳුමක් ලබා දෙන ලෙස ප්‍රේමදාස මහතා ඉන්දීය අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය හරහා දශක ගණනක් පුරා නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දීම සිදු වුවද වර්තමාන අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග බොහෝමයක පවතින හිඟය ඉන් සේවය ලබන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව මෙහිදී පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවට ඉන්දියාව නිරතුරුවම ලබා දෙනසහයෝගය ඇගයීමට ලක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තා
“1990 – සුව සැරිය” ගිලන් රථ සේවාව පිළිබඳ සිහිපත් එම සේවාව හඳුන්වා දීම හරහා දිවයින පුරා හදිසි වෛද්‍ය ප්‍රතිචාර ක්‍රමවේදය ශක්තිමත් වූ බව තවදුරටත් පෙන්වා දුන්නේය

Search