හෙරොයින් සමග අත්අඩංගුවටගත් විදුහල්පතිවරයාගේ වැඩ තහනම් !

හෙරොයින් සමග අත්අඩංගුවටගත් විදුහල්පතිවරයාගේ වැඩ තහනම් !

හෙරොයින් කිලෝග්‍රෑම් 1කට වැඩි ප්‍රමාණයක් සමඟ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.

උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම තීරණය දන්වා ඇත.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු, ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදු කර ඇති බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව අධ්‍යක්ෂවරයා දන්වා තිබේ.

මෙම විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 118ක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.

වැඩ තහනම් කරන ලද මෙම විදුහල්පතිවරයා ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා බව විමර්ශන වලදී අනාවරණයවී ඇති අතර එහිදි ඇය මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ

Search