විදේශ සංචිතය ඩොලර් මිලියන 70කින් ඉහල යයි..

විදේශ සංචිතය ඩොලර් මිලියන 70කින් ඉහල යයි..

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 සැප්තැම්බර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,240ක් ලෙස වාර්තා විය

මෙම ප්‍රමාණය, අගෝස්තු මාසයට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරයි.

2025 අගෝස්තු මාසයේ දී නිල සංචිත වත්කම් ඩොලර් මිලියන 6,170ක් ලෙස පැවති අතර, මාසයක් තුල වාර්තා වූ වැඩිවීම ඩොලර් මිලියන 70කි.

 

අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී නිල සංචිත වත්කම්වල ප්‍රතිශතමය වර්ධනය සියයට 1.1% කි.

2024 සැප්තැම්බර් මස අවසානය වන විට ශ‍්‍රී ලංකාවේ දළ නිල සංචිත (Gross Official Reserves) ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.0 ක් විය

Search