මෙරට ජනතාව මුහුණ දෙන ගැටලු රාශියක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළේය.
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකට එක්විය යුතුයි
එක්ස්ප්‍රස් පර්ල් ඛෙදවාචකයෙන් පසු මෙරට අධිකරණය වන්දි ලෙස ඇ. ඩොලර් බිලියනක වන්දියක් අය කර ගන්නා ලෙස පැවසූ බවත් මේ මොහොත වන විට සිංගප්පූරුවේදී එම ආයතනය ගෙවීම් ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ ඛේදවාචකයෙන් පසු නයිට්‍රිට් ඇසිඩ් කාන්දුවක් කන්ටේනර් 81ක් තුළ භයානක ජීවිතවලට හානි කරන ප්ලාස්ටික් පෙලට්ස්, ඇසිඩ් ඇතුළු විශාල ප්‍රමාණයක් පරිසරයට නිකුත් වී විනාශයක් සිදුවූ බවත් කටාර් රාජ්‍යයත් ඉන්දියාවත් මෙය ප්‍රතික්ෂේප කරන විට අප රටට මේ නැව විවෘත කිරීම නිසා බරපතල ඛේදවාචකයක් සිදුවූ බවත් අදටත් විපතට පත් ධීවරයන්ට වන්දි නොමැති බවත් එම නිසා මේ ගැටලුවේදී රටක් ලෙස එකට සිට ගෙන මේ ආයතනයට විරුද්ධව ගත යුතු ඉහළම පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*යටිතල පහසුකම් සංවර්ධනයේ දී ආබාධිත ජනතාව ගැනත් සිතිය යුතුයි*
තවද එන්.ජී කමලාවතී මහත්මිය අධිකරණ කටයුත්තක් තුළ මෙරට ලක්ෂ 18ක් වූ අබාධිත ප්‍රජාව වෙනුවෙන් 2025 සැප්තැම්බර් මස 19 වැනිදා ලොකු ජයක් ලැබූ බවත් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපති ලෙස මහව සිට වව්නියාව දක්වා ඇති දුම්රිය ස්ථාන අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ නිරීක්ෂණ කරන විට ආබාධ සහිත පුද්ගලයන්ට දුම්රිය ස්ථානවලට ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවේශ පහසුකම් නිසි පරිදි සැලසීම සකස් නොවීම නිසා ගැටලු මතුවන බවට හදුනා ගෙන ඇති බවත් ශ්‍රාවස්ථිපුර දුම්රිය ස්ථාන වැනි දුම්රිය ස්ථානවල මේ අයිතිවාසිකම් කඩවීම නිසා ජනාධිපතිවරයා, මානව හිමිකම් හා අදාළ බලධාරීන් දැනුවත් කළත් කිසිවක් නොවූ නිසා අධිකරණයට හමුවට ගොස් වන්දි පවා ලබා ගැනීමට හැකි වූ බවත් එබැවින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවේදීව කටයුතු කරමින් ආබාධිත ප්‍රජාවට ද සහන සැලසිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*ගැටදිවුල්වැව අලි උමගේ වැඩ අවසන් කරන්න*
අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන්පොළ ගල්ගමුව දුම්රිය ස්ථාන අතර කාසිකොටේ ගැටදිවුල් වැව අලි මාරුවේ 2024 මාර්තු 1 වැනිදා අලි මාරුවන ස්ථානයේ පළමු වනජීවී උමග ආරම්භ කරන්න කටයුතු සිදු වුවත් අද වන විට වැඩකටයුතු ඇනහිට ඇති බවත් ලෝකප්‍රකට කාවන්තිස්ස හා මානාභරණ යන ඇතුන්ගෙන් සමන්විත මේ ප්‍රදේශයේ ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ උමං මාර්ගය නැවත ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
*ගුරු සංවර්ධන නිලධාරින් අමතක කරන්න එපා*
අධිකරණයේ සමථකරණ තීන්දුවක් සංවර්ධන නිලධාරීන් 16600ක් වෙනුවෙන් ඇති බවත් මේ අය වසර ගණනාවක් කැපකිරීමක් කර නිදහස් අධ්‍යාපනය රැකගත් බවත් රට බංකොලොත් වූ අවස්ථාවේ කොරෝනා සමයේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කළ කැපකිරිමට යුතුකම් ඉටු කළ යුතු බවත් එදා මේ අය ඉගැන්වීම කරන විට මේ ගැටලු නොවුවත් අද ගැටලුවක් වී අධිකරණය දුන් සමථකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න රජය අපොහොසත් වී ඇති බවත් එදා විපක්ෂයේ සිටින විට මේ සංවර්ධන නිලධාරින් වෙනුවෙන් නැගූ හඩ අද ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*විදුලි සේවකයන් රැක ගන්න කටයුතු කරනවා*
එදා විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් සේවකයන් මහපාරට බැස්ස වූ ආණ්ඩුවේ අය අද ආණ්ඩුව රැකගන්න මරන්නත් මැරෙන්නත් ලක්ෂයක් වුවත් මරන්න සූදානම් බව පවසන බවත් ඝාතනය නොව මිනිසා ජීවත් කරවිය යුතු බවත් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය විය යුත්තේ 23000 රැකියා ආරක්ෂා කර ගෙන බවත් පසුගිය අද අයි.එම්.එෆ් එක හමුවූ අවස්ථාවේ දී සමගි ජන බලවේගය පවා කිව්වේ මේ ප්‍රතිව්‍යුගතකරණය විය යුත්තේ රැකියා ආරක්ෂා කර ගෙන බවත් මේ අය අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
NBRI ආයතනයට නව ශක්තියක් නෛතිකව එකතු වන අවස්ථාවේ නව අලුත් අණ පනත් සදහා මුල පිරූ රංජිත් මද්දුම බණ්ඩාර මහතාට සහ සාමසර කන්ද මහා ඛේදවාචකය තුළ විනාශ වූ නිවාස සදහා අක්කර 35කට වැඩි ඉඩම් පරිත්‍යාගයක් කබීර් හෂීම් පවුල් ලබා දීම සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
https://www.youtube.com/watch?v=B3x8YPneNMY