ශ්‍රී ලංකාවේ රැකියා විරහිතභාවය සමස්ත සමාජයට මෙන්ම ආර්ථිකයකට ද දැඩි බලපෑමක් සිදු කරන බවත් අධ්‍යාපන සුදුසුකම් ලබා උසස් කුසලතා සහිත තරුණ තරුණියන් රැකියාවකින් තොරව සිටීම ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ සමස්ත ආර්ථියකට ද අහිතකර ලෙස බලපාන බවත් මේ නිසා තරුණ තරුණියන් නීතිවිරෝධී ක්‍රියා, අපරාධ සහ මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමේ ක්‍රියා ද වැඩි වන නිසා රැකියා විරහිතභාවය අවම කිරීමට සෑම රජයක්ම ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.*
වර්තමානයේ ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ප්‍රමාණයත් එය සංඛ්‍යාත්මකව අපොස සා/පෙළ, උසස් පෙළ/ උපාධිධාරීන් වැනි අධ්‍යාපන සුදුසුකම් අනුව ඉදිරිපත් කරන ලෙසත් රැකියා විරහිතභාවය සමාජය තුළ ව්‍යසනකාරී දෙයක් විය හැකි බවට රජය පිළිගන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම රැකියා විරහිතභාවය අවම කිරිමට රජය විසින් ගෙන ඇති කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන පියවර ඉදිරිපත් කරන ලෙසත් මෙය අවම කිරිම සාර්ව ආර්ථික ඉලක්ක ලෙස සැලකිය හැකි බැවින් 2025, 2026, 2027 යන වර්ෂවල රජය අපේක්ෂා කරන රැකියා විරහිතභාවය අවම කිරීමේ ප්‍රතිශතාත්මක ඉලක්ක ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එසේම උපාධිධාරීන් 40000ක් පමණ රැකියා විරහිතව සිටින බවත් 20000ක් ගුරු වෘත්තියට, 3000ක් STEM ක්ෂේත්‍රයටත් තවත් 9000ක් Non - STEM ක්ෂේත්‍රයටත් ඇතුළු 35000ක් උපාධිධාරීන්ට රැකියා දෙනවා කියූ රජය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා දෙන කාලය ඉදිරිපත් කරන ලෙසත් අගමැතිවරියගේ ප්‍රකාශයක් අනුව උපාධි ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු 50000ක් ඇති නිසා මේ 35000ටත් ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු වෘත්තියේ රැකියා ලබා දිය හැකි නිසා කඩිනමින් ඒවා කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
https://www.youtube.com/watch?v=O4xxyzVrnZ0