ලබන වසර (2026) සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතින් 2026 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා වූ කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම රු. බිලියන 4434.35 ක් ලෙස ඇස්තමේන්තු ගතකර තිබේ.
එය රු. බිලියන 3028.75 ක පුනරාවර්තන වියදම්වලින් සහ රු. බිලියන 1,405.60 ක ප්‍රාග්ධන වියදම්වලින් සමන්විත වේ. 2026 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම්වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634 ක් වේ.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනපති, අගමැති, විනිශ්චයකාරවරුන් ඇතුළත් වන විශේෂ වියදම් ඒකකය යටතේ වියදම් සැකසී ඇත්තේ මෙසේය.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ මෙහෙයුම් වැඩසටහන වෙනුවෙන් පුනරාවර්තන වියදම් රු. බිලියන 2.4 ක් සහ මූලධන රු. මිලියන 418 ක් වේ. එසේම මෙහි සංවර්ධන වැඩසටහන යටතේ පුනරාවර්තන රු. මිලියන 200 ක් සහ මූලධන වියදම රු. බිලියන 8.29 ක් වේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයුම් වැඩසටහනේ පුනරාවර්තන වියදම් රු. මිලියන 898.5 ක් සහ මූලධන රු. මිලියන 76.5 ක් වේ.
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු වැය ශීර්ෂය යටතේ මෙහෙයුම් වැඩසටහනේ පුනරාවර්තන වියදම් රු. මිලියන 448.5 ක් සහ මූලධන රු. මිලියන 108.5 ක් වේ.
අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ මෙහෙයුම් වැඩසටහනේ පුනරාවර්තන වියදම් රු. මිලියන 247 ක් සහ මූලධන වියදම රු. මිලියන 28 ක් වේ.
අමාත්‍යාංශ අනුව සම්පූර්ණ වියදම් පිළිබඳ විස්තරය මෙසේය. ඒ අනුව බුද්ධශාසන, ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම ලෙස රු. බිලියන 9.5 ක් සහ මූලධන රු. බිලියන 5.0 ක් ද, මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පුනරාවර්තන ලෙස රු. බිලියන 343.83 ක් සහ මූලධන වියදම ලෙස රු. බිලියන 290.94 ක් ද, ආරක්ෂක අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම ලෙස රු. බිලියන 395 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 60 ක් ද, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම ලෙස රු. බිලියන 43 ක් සහ මූලධන වියදම ලෙස රු. බිලියන 15.5 ක් ද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම ලෙස රු. බිලියන 449.99 ක් සහ මූලධන වියදම ලෙස රු. බිලියන 105 ක් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම ලෙස රු. බිලියන 21 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 2 ක් ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 2.2 ක් සහ මූලධන වියදම් ලෙස රු. මිලියන 500 ක් ද, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 56 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 390 ක් ද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 90 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 131.3 ක් ද, බලශක්ති අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 1.1ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 22 ක් ද, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 3.5 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 100 ක් ද, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 27.4 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 11.2 ක් ද , අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 231ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 70 ක් ද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 557 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 39 ක් ද, වැය ශීර්ෂ 312-319 සහ 321 පළාත් සභා සඳහා පුනරාවර්තන රු. බිලියන 533 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 85 ක් ද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 6 ක් ද මූලධන වියදම් ලෙස රු. බිලියන 12 ක් ද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 5.5 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 6 ක් ද, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම ලෙස රු. බිලියන 4.1 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 6.5 ක් ද, පරිසර අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 14.2 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 4.1 ක් ද, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 15.8 ක් සහ මූලධන වියදම් ලෙස රු. මිලියන 600 ක්ද, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 5.9 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 10.1ක් ද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 175 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 18 ක් ද, කම්කරු අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 5.2 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 1.2 ක් ද, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 7.5 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 6 ක් සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රු. බිලියන 3 ක් සහ මූලධන වියදම් ලෙස රු. බිලියන 3 ක් ද වශයෙන් ඒ ඒ අමාත්‍යාංශයට විසර්ජන පනතින් මුදල් වෙන් කර ඇත