මෙරට ගොවි බිම් බහුජාතික සමාගම් වෙත ලබාදීමේ සූදානමක් පවතින බවට ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අනතුරු අඟවයි.
ඒම සම්මේලනයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
ඔහු තවදුරටත් චෝදනා කළේ, මෙරට පිහිටි පොස්පේට් නිධිය වසර තිහක කාලයක් සඳහා ඇමරිකානු සමාගමකට විකිණීමට කටයුතු සූදානම් කරමින් පවතින බවටයි.
ඊට අදාළ සැලසුම් දැනටමත් සකස් වෙමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
තෙන්නකෝන් මහතාට අනුව, වී ගොවියා වී වගාවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් සූක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් පවතියි.
තවද, මෙරට විශාල ඉඩම් ප්‍රමාණයක් වී වගාව සඳහා යොදා ගැනීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවට ජනාධිපතිවරයාද මෑතකදී ප්‍රකාශ කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය