විෂමාචාර්ය චෝදනා එල්ල වූ අධිකරණ නිලධාරීන් දහයකගේ සේවය අත්හිටුවයි. මහේස්ත්‍රාත්වරු හා දිසා විනිසුරුවරුත් ඒ අතර... අධිකරණ නිලධාරීන් 37ට එරෙහිව විමර්ශන ආරම්භ කරලා
විසමාචාර ක්‍රියා සඳහා චෝදනා එල්ල වූ මහේස්ත්‍රාත්වරු දිසා විනිසුරුවරු ඇතුළු අධිකරණ නිලධාරීන් දස දෙනෙකුගේ සේවය පසුගිය මාසයක කාලයක අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව එම කොම්ෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි..
විෂමාචාර ක්‍රියා සඳහා චෝදනා එල්ල වූ ගම්පහ අධිකරණ කලාපයෙහි තවත් දිසා අධිකරණ විනිසුරුවරයෙකුගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගැනීමත් සමග සේවය අත්හිටු වූ අධිකරණ නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත ..මේ අතර අකාර්යක්ෂම කාර්ය සාධනය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකින් පසු ගම්පහ ප්‍රදේශයේ සිවිල් අභියාචන විනිසුරුවරයකුට විශ්‍රාම යාමට නියෝග කර ඇති අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වන විටත් විශ්‍රාම වැටුප් පත්‍රිකා ඔහු වෙත යවා ඇති බව වාර්තා වේ