මේ මොහොත වන විට 40000කට ආසන්න උපාධිධාරීන් ප්‍රමාණයක් රැකියා නොමැතිව සිටින බවත් පසුගිය මැතිවරණ සමයේ උපාධිධාරින්ට රැකියා ලබා දෙනවා යන පොරොන්දුව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකිවයුතු ඇමතිවරු ප්‍රකාශ කළ බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 72 වැනි පිටුවේ රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දෙන ආකාරය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
20000කට ගුරු වෘත්තියත්, 3000කට විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත ක්ෂේත්‍රයේත් තවත් 3000ක් දේශීය ආදායම්, විදේශීය සේවා සංචාරක කර්මාන්ත සහ තවත් 9000කට රැකියා ලබා දෙන බවට පැහැදිලිව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති නමුත් අද වන විට මේ උපාධිධාරීන් අන්ත අසරණ වී ඇති බවත් ඒ අයගේ අපේක්ෂාවන් බලාපොරොත්තු ආදිය සුන් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක පුරවැසි හඬ වැඩසටහන සඳහා පසුගිය දා රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සාමාජිකයන් පැමිණ ඔවුන් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කළේය. එහි දී එම ගැටලු කෙරෙහි සාවදානව ඇහුම්කන් දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.*
මැතිවරණ කාලයේ දුන් පොරොන්දු සහ රැවටිලිකාරී කතා අද සමාජ මාධ්‍යයේ ඇති බවත් රජයේ මැති ඇමතිවරු කියපු ආකාරයට ඔවුන්ගේ තනතුරු ලැබුණු පසු රැකියා දෙන බවත් පළමු අයවැයේ රැකියා දෙන බවත් ඡන්ද කාලයේ රැකියා විරහිත උපාධිධාරීන් සංවිධානය කර රජයට සහයෝගය දැක්වීමට කටයුතු කළ කෙනාට අද තරුණ සේවා සභාවේ අධ්‍යයක්ෂ ධුරයක් ද ලබා දී සෙසු උපාධිධාරීන් අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
*නිදහස් අධ්‍යාපනයෙන් උපාධි ගත් දරුවෝ පිංපඩි කාරයෝ නොවේ.*
මේ උපාධිධාරීන් රැකියා අයිතිය වෙනුවෙන් අරගල කරන විට විවිධ අය සමච්චල් කරන බවත් පිං පඩි ලාභීන් ලෙස අර්ථකථනය කර ඇති බවත් මේ අය උපාධිය ගෙන ඇත්තේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ බවත් නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ට පිං පඩි ලාභීන් ලෙස හැදින්වීම නින්දිත නොහොබිනා ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*රැකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් අපි පෙනී සිටිනවා.*
හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල සටහනක් හරහා උපාධිය මූලික සුදුසුකමක් වූ පුරප්පාඩු 50000ක පමණ ප්‍රමාණයක් ඇති බවට ඉදිරිපත් කර ඇති බවත් 50000ක් පුරප්පාඩු ඇති නම් මේ උපාධිධාරින් 40000 බඳවා නොගන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් වගකිවයුතු ප්‍රගතිශීලී ජනතාවාදී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලැබෙන තෙක් ප්‍රජාතන්ත්‍රවාදී සටනක නියැලෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
NEWS CLIP 🧧 https://youtu.be/hJpxLmg44yM?si=rv1fxMjLzlpNSepo