විදුලිබල මණ්ඩලය රැකගැනීමට සියලු ප්‍රගතිශීලීන් එකතු විය යුතුයි – ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

විදුලිබල මණ්ඩලය රැකගැනීමට සියලු ප්‍රගතිශීලීන් එකතු විය යුතුයි – ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

විදුලිබල මණ්ඩලය කැබලි කර විකිණීමට රජය දරන උත්සාහය පරාජය කිරීම සඳහා එම මණ්ඩලයේ සේවකයන් සමග සියලු ප්‍රගතිශීලී බලවේග එක්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා ඊයේ (18දා) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා පවසා සිටියේ, විදුලිය සමාගම් මට්ටමින් පමණක් නොව පළාත් මට්ටමින් ද කැබලි කිරීමට නව පනතින් යෝජනා කර ඇති බවයි.

“බලශක්තිය කියන්නේ තෙල් හා විදුලිය විතරක් නොවෙයි. දුර්ලභ ඛනිජ නූතන ලෝකයේ ප්‍රධාන බලශක්තියයි. ඒවා අමුඅමුවේම ඉන්දියාවට පවරාදීමට රජය කටයුතු කරමින් ඉන්නවා. කර්මාන්ත ඇමැති හඳුන්නෙත්ති ඉන්දියාවේ ගල්අඟුරු හා පතල් ඇමැති හමුවෙලා සාකච්ඡා කරලා තිබෙනවා, ඉන්දියානු පතල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා භූ විiා හා පතල් කාර්යාංශය අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම ගැන.

ශ්‍රී ලංකාවට හිමිකම් තිබෙන දුර්ලභ ඛනිජ නිධි තියෙන බවට තහවුරු වෙලා ඇති පසුබිමක මේ ගිවිසුම් ඉතා භයානක ප්‍රතිඵල අපේ රටට අත්කර දෙනවා. එවැනි පසුබිමක් යටතේ මේ පනත පරාජය කිරීමට මුළු රටවැසියන්ටම විශාල වගකීමක් තියෙනවා” යැයිද විමල් වීරවංශ මහතා මෙහිදී අවධාරණය කළේය

Search