මෙහිදී ඝාතනයට ලක්වූ අරුන් මෙන්ඩිස් නමැති තරුණයා ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා සිය පියාගේ ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටි අයකු බව පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරය සඳහා කුලී ඝාතකයන් පැමිණි යතුරුපැදිය ඉඳුරුව අතුරුවැල්ල පාලම යට සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
මෙහිදී ඝාතනයට ලක්වූ තරුණයාගේ පියා ‘ආයු’ නමින් හඳුන්වන කොස්ගොඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුව සිටි අයෙකි. විදේශිකයකු සමග හවුල් ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති ආයු නමැත්තාට කොස්ගොඩ ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ හෝටල් දෙකක් ද තිබී ඇත.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ රජයේ සුප්‍රකට දේශපාලනඥයකු විසින් මෙම හෝටල් දෙකෙන් එකක් ඉතාම අඩු මුදලකට ආයු නමැත්තාගෙන් මිලදී ගෙන තිබිණි.
ව්‍යාපාර වැඩි ප්‍රමාණයක් පාඩු ලැබීමෙන් පසු ආයු නමැත්තා කොස්ගොඩ පිහිටි කැස්බෑ අභිජනන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ සිය පුත්‍රයාගේ ද සහාය ඇතිවය.
මෙම කැස්බෑ මධ්‍යස්ථානයට ආසන්නයේ පදිංචි තවත් ව්‍යාපාරිකයකු සමග කාලයක සිට ආයු නමැත්තා ආරවුලක් ඇති කරගෙන තිබිණි.
මෙම ආරවුල් කොස්ගොඩ පොලිසියෙන් පවා විභාගයට ගෙන තිබූ අතර ඒවා කිසිවක් සමථයකට පත්වී නැත.
කැස්බෑ මධ්‍යස්ථානය ආසන්නයේ ඉදිකිරීමට යෝජිත හෝටලයක් සම්බන්ධයෙන් ද මෙම දෙපාර්ශ්වය අතර ආරවුලක් පැවැති බව පොලිසිය පවසයි.
ආයු සමග ආරවුල් ඇති කරගෙන සිටි අනෙක් ව්‍යාපාරිකයා විදේශගතව ඇති අතර ඔහු එහි සිට අවස්ථා කිහිපයකදීම තර්ජනය කර ඇති බවද පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.
පොලිසිය සැක පහළ කරන්නේ විදේශගතව සිටින එම ව්‍යාපාරිකයා පාතාල කුලී ඝාතකයන්ට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි.
ඊයේ අලුයම 5.30 ට පමණ ටී – 56 අවියක් රැගෙන කැස්බෑ මධ්‍යස්ථානය පිටුපස පිහිටි නිවසට කඩාවැදී ඇති පාතාල කුලී ඝාතකයන් දෙදෙනා ආයුගේ පුත්‍රයාට නිදි යහනේදීම වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි.
මෙම ඝාතනය සිදු කළේ කාගේ පාතාල කල්ලිය විසින් ද ඝාතනය සඳහා පැමිණියේ කව්රුන් ද යන්න මෙතෙක් හෙළිවී නැත.
කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි