හිටපු ජනපති තටු කපන පනත ගැසට් කරයි

හිටපු ජනපති තටු කපන පනත ගැසට් කරයි

පනත සම්මත වන දින සිට සහන නෑ

හිටපු ජනපතිවරුන්ට හා ඔවුන්ගේ පවුල්වලට හිමි විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත ඊයේ (31දා) ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

1986 අංක 4 දරන ජනපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර එය ජනපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ලෙස හඳුන්වා ඇත.

හිටපු ජනපතිවරයකුට හෝ හිටපු ජනපතිවරුන්ගේ වැන්දඹුවකට සපයන ලද නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව, මාසික ලේකම් දිමනාව හා නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසුව තවදුරටත් නොසැපයුතු බවට පනත් කෙටුම්පතින් දක්වා ඇත.

අධිකරණ හා ජාතික ඒකාබද්ධ ඇමැතිවරයාගේ නියමය පරිදි මෙම කෙටුම්පත ගැසට් කර ඇත.

Search