නාමල්ට ඇප..

නාමල්ට ඇප..

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැර තිබේ.

 

ඒ ඔහු අධිකරණය හමුවේ පෙනි පෙනී නොසිටීම මත අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ දිනයේ නිකුත් කරන ලද වරෙන්තුවක් ආපසු කැඳවමිනි.

මන්ත‍්‍රීවරයා පෞද්ගලික සංචාරයක් මත මාල දිවයින බලා පිටත්ව ගොස් සිටි අතර ඔහු අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

කටුනායක ගුවන්තොටින් මෙරටට පැමිණි ඒ මහතා ඒ මොහොතේම අධිවේගී මාර්ගය ඔස්සේ හම්බන්තොට බලා ගියේ අධිකරණයේ පෙනී සිටිම සදහායි.

කෙසේ වෙතත් අධිකරණ වරෙන්තු නිකුත් කර සිටියද මන්ත්‍රීවරයා කටුනායක ගුවන්තොටුපලේදී හෝ අධිවේගී මාර්ග පිවිසුම් හෝ පිටවීම් වලදී අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නැත.

Search