ආණ්ඩුව බල­යට ගෙනා තරු­ණ­යන්ගේ-රාජ්‍ය සේව­ක­යන්ගේ බලා­පො­රොත්තු හීන බවට පත් වෙලා -හිටපු ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන

වත්මන් ආණ්ඩුව බල­යට ගෙන ඒමට කැප වූ තරු­ණ­යන්ගේ සහ රාජ්‍ය සේව­ක­යන්ගේ බලා­පො­රොත්තු දව­සින් දවස හීන බවට පත් වෙමින් තිබෙන බව හිටපු ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන මහතා පැව­සීය.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂ කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් හිටපු ආණ්ඩු­කා­ර­ව­රයා මේ බව සඳ­හන් කළේය.

බලය ලබා ගැනී­මට දුන් පොරොන්දු කිසි­වක් මේ වන තෙක් ඉටු වී නොමැති බවත් ඉන් තරු­ණ­යන් වගේම රාජ්‍ය සේව­ක­යත් දැඩි කම්ප­න­යට පත්ව සිටින බවත් හෙතෙම කීවේය.

මේ ආණ්ඩුව බල­යට ගෙන එන්න තරුණ තරු­ණියෝ, රාජ්‍ය සේව­කයෝ විශාල වැඩ කොට­සක් කරා. මොකද ජනතා විමුක්ති පෙර­මුණ ඒ දුන්න පොරොන්දු එක්ක ජන­තාව හීන දැක්කා. අද ඇත්ත­ටම ඒ හැම­දෙ­යක්ම හීන බවට පත් වෙලා. ඒ වගේම මම ආණ්ඩු­වට අභි­යෝග කර­නවා ඕනෑම ඇමැ­ති­ව­ර­යෙක් ඇවිත් කියන්න විදේශ විනි­මය කොප­මණ ගෙනත් තිබෙ­නව ද කියලා. ඩොලර් මිලි­යන 98ක් තිබෙ­නවා. ඒකත් පසු­ගිය ආණ්ඩුව අස්සන් කළ ගිවි­සු­මක සල්ලි තමයි ඇවිත් තිබෙන්නේ. එදා අපි අස්සන් කරපු ගිවි­සු­ම්වල සල්ලි තමයි තව­මත් එන්නේ. එහෙම නැතුව මේ ආණ්ඩු­වට අද­ටත් ඍජු ආයෝ­ජන ගෙන්න හැකි­යා­වක් ලැබිලා නැහැ. අපි මෙවැනි දේ කියල සතුටු වෙන්න හද­නවා නෙවයි. අපිට අවශ්‍ය කවුරු හරි ඉදි­රි­පත් වෙලා රටට විදේශ විනි­මය ගෙන ඒකයි. එහෙම වුණොත් තමයි අපේ ආර්ථි­කය වගේම ජන­තා­වගේ ජීවි­තත් සුර­ක්ෂිත වෙන්නේ.

Search