ලක්ෂ 735ක වත්කම් ඉපයීම... යෝෂිතට එරෙහි නඩුව සැප්තැම්බර් 22 කැඳවයි

ලක්ෂ 735ක වත්කම් ඉපයීම... යෝෂිතට එරෙහි නඩුව සැප්තැම්බර් 22 කැඳවයි

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් අයථා ලෙස පත්කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් එළැඹෙන සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ අද  කැඳවනු ලැබීය.

Search