බලධාරීන්ගේ නොසැලකිල්ල හේතු වෙලා
රජයේ රෝහල් කීපයකම පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරන ලිනියර් ඇක්සලරේටර් යන්ත්‍ර අක්‍රීය තත්ත්වයකට පත්ව ඇතැයි අනාවරණය වෙයි.
දැනට ලිනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10ක් රජයේ රෝහල්වල පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කෙරේ.
මහරගම අපේක්ෂා, මහනුවර ජාතික රෝහල, ගාල්ල, යාපනය හා මඩකළපුව රෝහල්වල ඇති යන්ත්‍ර කිහිපයක්ම අක්‍රිය තත්ත්වයේ පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
වත්මන් රජය බලයට පත්වූ පසු දැනට ක්‍රියාත්මක යන්ත්‍ර උත්ශ්‍රේණිගත කිරීමට ගිවිසුම් අත්සන් තැබීම ඉකුත් ජනවාරි මස සිදුකර ඇතත් මේ දක්වා කිසිම ප්‍රගතියක් දියත් වී නැති බව වාර්තාවේ. ඊයේ වනවිට යාපනයේ යන්ත්‍රය ද අක්‍රියවී තිබිණි.
මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේවා සඳහා සේවා හා නඩත්තු ගිවිසුම් නොමැතිවීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් හා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් අතර කාලයක් තිස්සේ සිදුවූ කඹ ඇදීම්ය. මෙම යන්ත්‍ර සඳහා වසර පහක වගකීම් කාලයක් තිබුණු අතර මෙම කාලය ඉක්මවා වසර කිහිපයක් ගත වුවද, මෙම යන්ත්‍ර වගකීම් කාලයෙන් පසුව අමාත්‍යාංශය භාර ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් මෙම තත්ත්වය පැනනැඟී ඇත. තවමත් මෙම යන්ත්‍ර සඳහා සේවා හා නඩත්තු ගිවිසුම් අත්සන් කිරීම සඳහා කල් වරමින් සිටින අතර නඩත්තු කටයුතු නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් යන්ත්‍රවල බරපතළ ගැටලු ඇතිවී ඇත. මේ නිසා පිළිකා රෝගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුවී ඇත.
ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ තවත් යල්පැනගිය විකිරණ ප්‍රතිකාර වන කොබෝල්ට් 60 යන්ත්‍ර 08ක් මගින් තවමත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමයි. මෙම යන්ත්‍ර බොහෝ ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා සුදුසු නොවන අතර ඉන් කිහිපයක් දැනටමත් පූර්ණ වශයෙන් අක්‍රිය වී ඇත. ඒ එම යන්ත්‍රවල ප්‍රතික්‍රීයක අවසන් වීම නිසාය. මේනිසා ඌව පළාතේ සහ උතුරු මැද පළාතේ විකිරණ ප්‍රතිකාර සඳහා කිසිම පහසුකමක් නොමැති වීමෙන් එම රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙනත් පළාත්වලට යෑමට සිදුවී ඇත. මෙම යන්ත්‍ර වෙනුවට නව යන්ත්‍ර සැපයීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ දැඩි අකාර්යක්ෂමතාවය නිසා වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතී.
මෙම රජය බලයට පැමිණීමෙන් පසුව, දැනට ක්‍රියාත්මක යන්ත්‍ර උත්ශ්‍රේණිගත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කොට ඇත්තේ 2025 ජනවාරි මස වුවත් මේ දක්වා එහි කිසිම ප්‍රගතියක් නොමැත.
වෛද්‍ය උපකරණ නඩත්තු කිරීමේ සම්පූර්ණ වගකීම පැවරී ඇත්තේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයටය. නමුත් එම ආයතනයේ ඇති දැඩි අකාර්යක්ෂමතාව හේතුවෙන් සේවා හා නඩත්තු ගිවිසුම්වලට එළඹීමට තවමත් සූදානමක් නොමැත. එම ආයතනයේ ඉංජිනේරුවන්ට තීරණ ගැනීමට දැඩි බාධාවක් වී ඇත්තේ එහි ඉහළ බලධාරියකු නිසා බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය
රජයේ රෝහල් කිහිපයකම පිළිකා විකිරණ ප්‍රතිකාරවලට ගන්නා ලිනියර් ඇක්සලරේටර් යන්ත්‍ර අක්‍රීය වෙයි
