ආර්ථික මධ්‍යස්ථාන සමාගමකට දෙනවාට ගොවීන්-ව්‍යාපාරිකයන් විරුද්ධයි--සජිත්

ආර්ථික මධ්‍යස්ථාන සමාගමකට දෙනවාට ගොවීන්-ව්‍යාපාරිකයන් විරුද්ධයි--සජිත්

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ලංකාව පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන දහතුනක් අවිධිමත් ආකාරයට පෞද්ගලික සමාගමකට ලබා දීමට රජය ගෙන ඇති කඩිනම් තීන්දුවට ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයන් හා ගොවීන්  දැඩි විරෝධතාවක් දක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තඹුත්තේගමදී පැවසීය.

සජිත් ප්‍රේමදාස ජුලි 19 වන දා තඹුත්තේගම  විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව පැවසීය.

මෙහිදී ව්‍යාපාරිකයන් විපක්ෂ නායක සඳහන් කළේ, ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික සමාගමකට ලබා දීමෙන් සිදුවන ක්‍රියාවලිය පිළිබඳව තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව ය.

ඉන් සිදුවන කාර්යයන් පිළිබඳව වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ලිඛිතව ලබාදීමට කටයුතු කරන ලෙස දැන්වූ නමුත් වාචිකව පමණක් දැනුම් දුන් බව ව්‍යාපාරිකයෝ පැවසූහ.

වසර විස්සක පමණ කාලයක සිට වසරෙන් වසර බදු පදනමට ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති වෙළෙඳසල් වසර පහෙන් පහට ටෙන්ඩර් කර පිටස්තර පුද්ගලයන්ට ද ලබා දීමේ සැලසුමක් පෞද්ගලික සමාගමකට ආර්ථික මධ්‍යස්ථාන ලබා දීම තුළින් සිදුවිය හැකි බව මෙහිදී ව්‍යාපාරිකයන් විපක්ෂ නායකවරයාට පෙන්වා දුන්නේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මෙසේ ද කීවේය.

“අපේ අරමුණ වෙලා තියෙන්නේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු රටේ සියලු ආර්ථික මධ්‍යස්ථානයක් ම කාර්යක්ෂමව, ක්‍රමවත්ව වෙළෙඳ ප්‍රජාවගේත් ගොවි ජනතාවගේත් පාරිභෝගික ප්‍රජාවගේත් උපරිම ශුභසාධනය වෙනුවෙන් සේවාවක් ඉටුකිරීමයි.

ඒ අරමුණ කරා යෑමේදී ව්‍යාපාරිකයන්ගේ, ගොවි ජනතාවගේ මෙන් ම පාරිභෝගික ජනතාවගේ යෝජනා ඉතාම වැදගත්. මට පේන විදිහට  ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික සමාගමකට ලබාදීමේ පිඹුරුපත් සකස් කර තිබෙන්නේ මේ විවිධ පාර්ශ්ව සමඟ නිසි සාකච්ඡාවකින් තොරවයි.  ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික සමාගමකට ලබා දීමේ කටයුත්තට පෙර පළමුවෙන් ම ගොවීන්, ව්‍යාපාරිකයන් සමඟ මෙන්ම මේකට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර එම සමාගම විසින් සිදුවන ක්‍රියාවලිය පිළිබඳව  සියලු පාර්ශ්වයන් දැනුවත් කර එකඟතාවක් ලබා ගැනීම රජය කළ යුතුයි.

ඔබගේ ගැටලුව විෂය භාර අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදී යොමු කිරීමට මා කටයුතු කරන්නම්. ඔබට මේ අවස්ථාවේදී තවත් දෙයක් කිව යුතුයි. එක සැසියකදී  ඇසිය යුතු ප්‍රශ්න සංඛ්‍යාවත් වත්මන් ආණ්ඩුව විසින් සීමා කරලා තියෙනවා. දැන් ප්‍රශ්න දෙකයි අහන්න පුළුවන්. නමුත් පොදු ජනතාවගේ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් මට ඇවිදින් තියෙනවා. බොහොම අමාරුවෙන් තමා මේවා ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. වෙනත් කිසිදු ආණ්ඩුවක් නොකළ ආකාරයට වර්තමාන ආණ්ඩුව සීමා බන්ධනයන් දාලා තියෙනවා. කතා කිරීමේ නිදහස අඩුකරලා තිබෙනවා

Search