පැය 24 ට රිය අනතුරු 4ක් 9 ක් මරුට-5ක් රෝහලේ !! මියගිය පිරිස අතර මාස 9 මාස 11 බිලිඳියන් 2 ක්

පැය 24 ට රිය අනතුරු 4ක් 9 ක් මරුට-5ක් රෝහලේ !!  මියගිය පිරිස අතර මාස 9 මාස 11 බිලිඳියන් 2 ක්

උඩුදුම්බර, නාරම්මල, වැල්ලව සහ කෑගල්ල යන පොලිස් වසම්වල පෙරේදා (19දා) සිදුවූ රිය අනතුරු හතරකින් මාස 09 හා මාස 11 දැරියන් දෙදෙනකු ඇතුළු 09 දෙනකු මරුමුවට පත්වී 05 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

උඩුදුම්බර, හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කුඹුක්ගොල්ල ප්‍රදේශයේදී පෙරේදා (19දා) මීමුරේ දෙසට කාන්තාවක විසින් පදවාගෙන ගිය වෑන් රථයක් බෑවුමකට පෙරළී අනතුරක් සිදුවී ඇත. අනතුරෙන් වෑන් රථයේ ගමන්ගත් කතුන් තිදෙනකු පිරිමි පුද්ගලයන් දෙදෙනකු හා අවුරුදු 5ක් වයසැති පිරිමි දරුවකු තුවාල ලබා උඩුදුම්බර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කතුත් තිදෙනකු සහ පිරිමි පුද්ගලයකු මියගොස් ඇත.

මියගිය කාන්තාවන් දෙදෙනකු 29 හැවිරිදි වියේ පසුවන අතර පිරිමි පුද්ගලයා 33 හැවිරිදි වියේ පසුවෙයි. මෙම පිරිස කඩවත, ගෝනහේන, ඉඹුල්ගොඩ හා හැඳල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. එක් කාන්තාවකගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. අනතුරින් තුවාල ලැබූ අනෙක් පිරිමි පුද්ගලයා සහ කුඩා දරුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නාරම්මල ගිරිඋල්ල මාර්ගයේ නාරම්මල දෙසට පෙරේදා දහවල් ධාවනය වූ මෝටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදීගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුවී ඇත. අනතුරෙන් මෝටර් රථයේ රියැදුරු, එහි ගමන්ගත් කතුන් දෙදෙනකු, පිරිමි පුද්ගලයකු හා කුඩා දැරියන් දෙදෙනකු තුවාල ලබා දඹදෙණිය හා නාරම්මල රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු රියැදුරු හා දැරියන් දෙදෙනා මියගොස් ඇත.

මියගිය දැරියන් දෙදෙනා මාස 09 හා මාස 11 වන අතර රියැදුරු අවුරුදු 38 ක් වූ දිවුල්ලෑව, මහව ප්‍රදේශයේ පදිංචි අයෙකි. අනතුරෙන් බස් රථයේ රියැදුරු කොන්දොස්තර හා මගියකු තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වැල්ලව පොලිස් වසමේ වාරියපොළ කුඹුක්ගැටේ මාර්ගයේ කපුහේන ප්‍රදේශයේ දී පෙරේදා රාත්‍රි කුඹුක්ගැටේ දෙසට ධාවනය වූ ලොරි රථයක පදික කාන්තාවක ගැටී අනතුරක් සිදුවී ඇත. අනතුරෙන් තුවාල ලැබූ කාන්තාව හිරිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මියගිය කාන්තාව අවුරුදු 48ක් වූ ගනේවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කෑගල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ 85 වැනි කිලෝමීටර් කණුව අසල දී පෙරේදා දහවල් මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් එම දෙසටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යෑමේදී යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුවී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය කාන්තාව අවුරුදු 50ක් වයසැති අස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර අනතුර සිදු කළ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Search